Header Ads

මස් මාළු නොකන 'අවුරුදු 98ක් වයසැති' යෝග ව්‍යායාම උපදේශිකාව (VIDEO)

දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ කෝවායි නගරයේ දිවි ගෙවන නානම්මාල් නැමති අවුරුදු 98ක් වයසැති කාන්තාවක් තවමත් යෝග ව්‍යායාම උපදේශිකාවක් ලෙස කටයුතු කරන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇය තවමත් උද්යෝගිමත් නිරෝගී  ව්‍යායාම උපදේශිකාවක් බවයි පැවසෙන්නේ.

දිනපතා අළුයම 4.30ට අවධි වීම, පිරිසිදුවීම, දෙවියන් වන්දනා කිරීම හා උදෑසන ආහාර ගැනීමෙන් පසුව ගෝලබාලයන් සඳහා යෝග අභ්‍යාස පුහුණුව ලබා දීම පසුගිය වසර පහක පමණ කාලයක් තිස්සේ ඇය විසින් අඛණ්ඩව සිදුකරගෙන ආ දිනචරියාවයි.

වයස අවුරුදු අට පිරෙන්නටත් කලින් යෝග අභ්‍යාස පුහුණුව ආරම්භ කළ නානම්මාල් ඇයට වයස අවුරුදු 14දී තමිල්නාඩුවේ දිස්ති‍්‍රක් මට්ටමින් පැවැත්වුණු ආයුධ මත පදනම් වුණු සටන් කලා තරඟයකින් ජය ලබන්නටද සමත් වී තිබෙනවා.

රණකාමී සටන් ශිල්පීන් වුණු සිය පියා සහ සීයාගේ ඇසුරෙන් යෝග අභ්‍යාස පුහුණුව ලැබූ නානම්මාල් විවාහයෙන් පසුව මාමාණ්ඩියගෙන්ද යෝග ශිල්පය ඉගෙන ගෙන තිබෙනවා.

"විවාහ වුණා කියළා මම යෝග අත්අහැරියේ නැහැ.ජීවිතයේ කිසිම දිනක කිසිම හේතුවක් මත මම යෝග අත්හැරියේ නැහැ.මගේ නිරෝගී ජීවිතයේ රහස එයයි.” නානම්මාල් පවසනවා.

ඉන්දියාවේ වයස්ගතම යෝග අභ්‍යාස උපදේශිකාව ලෙස ගිනස් වාර්තාවකට හිමිකම් කියන නානම්මාල් තවමත් එක් දිනක් තුළ සිසුන් 100කට පමණ යෝග අභ්‍යාස උගන්වනු ලබනවා.


ජීවිතයේ මෙතෙක් කල් කිසිම දිනක රෝහල්ගත වී නොමැති නානම්මාල් නිර්මාංශික කාන්තාවක් වනවා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.