Header Ads

බදුල්ල අළුගොල්ල රක්ෂිතයේ ගින්නෙන් වෙඩි බෙහෙත් කම්මලක් 99න් බේරුණු හැටි


බදුල්ල – නගරයට ඉහළින් පිහිටා ඇති අළුගොල්ල කන්ද රක්ෂිතයේ ඊයේ ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් භූ ගත වෙඩි බෙහෙත් ගබඩාව පිහිටා ඇති ප්‍රදේශයට ගින්න පැතිර යාමට පෙර එය මැඩ පැවැත්වීමට හැකි වූ බවයි.

යුද හමුදාව, ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ගින්න මැඩ පැවැත්වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

සතුන් දඩයම් කිරීමේ අරමුණින් අළුගොල්ල කන්ද රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවටයි පොලීසිය දැනට සැක පළ කරන්නේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.