Header Ads

පිරිමියෙකුව ඉපදී – ගැහැණියක්ව ජීවත්වී, පෙම්වතා අතින් මියගිය මායැන්ග්

මායැන්ග්  ( Mayang Prasetyo ) ජීවත් වුණේ  බ්‍රිස්බේන්වල.

ඇය ඇගේ ජිවිතය පටන්ගත්තේ පිරිමියෙක් විදිහට. එත් ටික ටික ඇගේ සිරුර වෙනස් වෙද්දී අයතෙරුම් ගත්තා තමන් සංක්‍රාන්ති ලිංගිකයෙකු බව.

ඒ නිසා සැත්කමකින් ඇය පුර්ණ ගැහැනියක් බවට පත්වුණා.ඇයට කවදාහෝ විවාහ වෙන්නත්, දරුවන් ලබන්නත් ආශාවක් ඇතිවුණා.

හැබැයි මේ හැමදේටම දුප්පත්කම හරස් වුණා.ඇය ඇගේ සිරුර විකුණන්න ගත්තේ ඒ නිසයි.

ජිවිතේ හැමදාම දුක ලැබෙන්නේ නැහැ කියන කියමන සනාත කරමින්  ඇයට පෙම්වතෙකුත් ලැබුණා.

ඒ මාකස් (Marcus Volke). හැබැයි මේ පෙම්වතා ඇයව ආරක්ෂා කරනු වෙනුවට ඇයට තව තවත් සිරුර විකුණා මුදල් සොයන්න බල කළා.

2014 වසරේ දවසක මායැන්ගේ දුක්බර ජීවිතය අවසාන වුණා.ඒ ඇගේ පෙම්වතා අතින්.

ඔහු ඇයගේ ගෙල මිරිකා මරා දමනවා. ඉන් පසු ඇය මියගිය බව සනාථ කරගන්න පිහි පහර කිහිපයකුත් එල්ල කරනවා.

කතාව එතනින් අවසන් වෙන්නෙත් නැහැ.ඇගේ සිරුර කොටස් කළ ඔහු එය උදුනක තම්බනවා.

ඒ ඇයගේ සිරුර ලෙහෙසියෙන් බැහැර කරන්න.ඒ අතරේ විදුලිය විසන්ධි වෙනවා.

මායැන්ගේ සිරුර සඟවන ඔහු විදුලි කාර්මිකයෙකුට කතා කරනවා.මේ විදුලි කාර්මිකයා දකිනවා උදුන තුල වූ පාද යුවලක්.

බියපත් වූ ඔහු පොලිසිය කැඳවනවා.හැබැයි ඒ වෙද්දී මාකස් පලා ගිහින්.

පොලිසිය තමන් පසුපස එද්දී කරගන්න දෙයක් නොවූ ඔහු සියදිවි නසා ගන්නවා.

මේ කතාව ළඟදී ආයෙත් අලුත් වුණේ මාකස් ලියූ ලිපියක් පොලිසියට හමුවිමත් එක්ක.

මේ මිනීමැරුමට හේතු වෙලා තියෙන්නේ ඇය උපයන මුදලින් කොටසක් ඇය ඇගේ මවට යැවීම ගැන ඇතිවූ දබරයක්.

ඇය ව තම්බා සතුන්ට කන්න දෙන එක තමයි ඔහුගේ අරමුණ වෙලා තියෙන්නේ.

වරින් වර ඇතිවූ දබර කිහිපයකදී ම ඔහු සැලසුම් කරනවා ඇයව මරන විදිහ.

ඉන් පස්සෙයි මේ විදිහට ඇයව මරාදමන්නේ.

මරා දැමීමෙන් පස්සේ දින තුනක් ම ඇගේ සිරුර කොටස් කරමින් ඔහු ගෙදරට වෙලා ඉඳල තියෙනවා කියලත් මේ ලිපියේ තිබිලා තියෙනවා.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.