Header Ads

ලොව උඩුයටිකුරු කරන කැමරාවක් ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයන් නිපදවයි

තත්පරයට රූප රාමු ට්‍රිලියන පහක් ලබාගත හැකි ලොව වේගවත්ම කැමරාව නිපදවීමට ස්විට්සර්ලන්තයේ ලන්ඩි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් එන්ගැජට් වෙබ් අඩවිය වාර්තා කරයි.

සොයාගත් නව කැමරාව මඟින් ඉදිරියේදී ලොව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව යන අංශයන්ගේ පර්යේෂණ සඳහා දැඩි දායකත්වයක් ලබා ගැනීමට හැකියාව ඇති බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.

නව කැමරාව සාමාන්‍ය රූගත කිරීම්වලට වඩා විද්‍යාත්මක පර්යේෂණයන් හට දායක කරගත හැකි රූපරාමු ලබාගැනීම සඳහා භාවිත කළ හැකි බවද කැමරාව නිපදවූ විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙයි.

මේ නව කැමරාව මඟින් රුධිර ප්ලාස්මා නියම ස්වභාවය, සතුන්ගේ සහ මිනිසුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය සහ රසායනික සංයෝගවල ප්‍රතික්‍රියා සිදුවන ආකාරය ආදී සංකීර්ණ ක්‍රියාවලීන්ගේ සියුම් දර්ශන ලබාගැනීමට හැකියාව ඇති බව සනාථ කරගෙන ඇති බවද පැවැසේ.

නව කැමරාව ඉදිරියේදී පර්යේෂණ කටයුතු සඳහා ප්‍රථමයෙන්ම භාවිත කිරීමට විද්‍යාඥයන් අපේක්ෂා කරන අතර එම කැමරාව තව තවත් දියුණු කිරීමටද කටයුතු කරන බව සඳහන් කරයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.