Header Ads

ටයිටැනික්‌ ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් එඩිත් හේස්‌ටෑන් සහ ටිල්විනා ඩීන් කියු ඒ දුක්‌බර කතාව.


මිනිසුන් හා ගැහැනුන් එක්‌දහස්‌ පන්සිය තුන්දෙනෙක්‌ (1503) 1912 වසරේදී මුහුදට බිලිවූ කතාව අසන්නට ලැබුණේ ටයිටැනික්‌ නැව නිසාය. 'ටයිටනික්‌' නැවේ ඛේදවාචකය සිදුවී දිවිගලවා ගත් දෙතුන් දෙනකු මේ මෑතක්‌ වන තෙක්‌ ජීවත් වූහ. ඔවුනගේ කතාද මෙම ඛේදවාචකයේදී ඔවුන් ලැබූ අත්දැකීම් ද 'ටයිටැනික්‌' නැවේ කතාව මෙන්ම රසවත්ය.

ශෝකජනකය. 'ටයිටැනික්‌' නැවේ ශෝකාන්තය සිදුවූයේ 1912 අප්‍රේල් 15 වැනිදා එහි මංගල ගමන යද්දීය. 1912 අප්‍රේල් 10 වැනිදා එහි මංගල ගමන ආරම්භ කරන ලද්දේ සවුත් හැම්ටන් සිට නිව්යෝර්ක්‌ දක්‌වා යැම සඳහා ය. දින හතරක්‌ම ටයිටැනික්‌ නෞකාව සමුදුර තරණය කරමින් ඉදිරියට ඇදුණේ කිසිම උපද්‍රවයකට මුහුණ නොදෙමිනි. එහෙත් පස්‌වැනි දින එය බලාපොරොත්තු නොවූ පරිදි මුහුද මැද තිබූ අයිස්‌ පර්වතයක්‌ හා ගැටුණේය. 

මෙම සිද්ධිය වන විට ටයිටැනික්‌ නැව තරමක්‌ වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබිණි. මේ නිසා මෙම ගැටුමෙන් නැව කොටස්‌ තුනකට කැඩී මුහුදු පත්ලටම කි¹ බැස්‌සේය. 

මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවන විට ටයිටැනික්‌ නැවේ කාර්ය මණ්‌ඩලය සමග 2214 දෙනෙක්‌ සිටියහ. මෙම බිහිසුණු ඛේදවාචකයේදී 711 දෙනකු ජීවිතය ගලවා ගත් අතර 1503 කගේ ජීවිත විනාශ වී ගියේය. ඊවා හාට්‌ මෙම මහා ඛේදවාචකයේදී දිවි ගලවා ගත් එක්‌ ගැහැනියකි. 

මෙම සිද්ධිය වන විට ඊවා පසුවූයේ හත් වැනි වියේය. පසුකලකදී මුහුදුබත් වූ ටයිටැනික්‌ නැවේ සුන්බුන් හා එතුළ වූ භාණ්‌ඩ රාශියක්‌ ප්‍රදර්ශනයකට (1985) තබන ලදී. මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන විට ඊවා පසුවූයේ හැත්තෑ තුන් වැනි වියේය. මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ඊවා කියා සිටියේ මිහිදන් කරන ලද මිනී පෙට්‌ටියක්‌ යළි විවෘත කොට එහි තුළ වටිනා භාණ්‌ඩ තිබේ දැයි නොසෙවිය යුතුය කියාය. 

ටයිටැනික්‌ ඛේදවාචකයට මුහුණ දී දිවි ගලවා ගත් තවත් ගැහැනුන් දෙදෙනෙකි එඩිත් හේස්‌ටෑන් සහ ටිල්විනා ඩීන්. ටයිටැනික්‌ ගමනට එඩිත් සහභාගි වී ඇත්තේ සිය මව සහ පියා සමගය. මෙම විපතේදී එඩිත්ට සිය මව සමග ජීවිතය ගලවා ගැනීමට පුළුවන් වූ අතර ඇගේ පියා ටයිටැනික්‌ නැවත් සමග මුහුදට කි¹ බැස්‌සේය. 

ටයිටැනික්‌ භාණ්‌ඩ සොයා ගැනීම සඳහා පසු කලකදී මුහුදු පත්ලේ කරන ලද සෝදිසිවලදී එඩිත්ගේ පියාගේ ඔර්ලෝසුව ද සොයා ගැනීමට හැකිවිණි. පසුව මෙම ඔර්ලෝසුව 1985 දී පවත්වන ලද ටයිටැනික්‌ භාණ්‌ඩ ප්‍රදර්ශනයේදී එඩිත්ට තෑගි කරන ලදී. මෙම ඛේදවාචකය සිදුවන විට එඩිත්ගේ වයස අවුරුදු දහසයකි. ඇය සිය දෙමාපියන් සමග සීටල් වලට (Seattle) ගමන් කරමින් සිටියාය. 

ටයිටැනික්‌ නැව අයිස්‌ පර්වතයේ ගැටුණු මොහොතේම එය මුහුදු පත්ලට කි¹ බැසීමට සෑහෙන වේලාවක්‌ ගතවූ බව කී එඩිත් මේ අතරතුරේ ජීවිත ආරක්‍ෂක බෝට්‌ටුවලට නැවේ සිටි අය පටවා ඔවුන් ගොඩබිමට යෑවීමට කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්‌ඩලය උත්සාහ ගත් බවත් කියා සිටියාය. 

එඩිත් සහ මව ආරක්‍ෂ බෝට්‌ටුවට ගොඩ වෙද්දී ඇගේ පියා එම බෝට්‌ටුවට ගොඩවූයේ නැත. අන්තිම වතාවට එඩිත් සිය පියා දකින විට (මේ මොහොතේ ඇය සිටියේ ආරක්‍ෂක බෝට්‌ටුවේය) ඔහු සිටියේ නැවේ උඩ තට්‌ටුවට වී සුරුට්‌ටුවක්‌ උරමින් ඔවුනට අත වනමිනි.  

එඩිත් සහ මව රැගත් ආරක්‍ෂක බෝට්‌ටුව නැවේ ඉහළ තට්‌ටුවේ සිට පහළ දියඹට පහත් කරද්දී එක්‌තරා මගියෙක්‌ මරළතෝනි දෙමින් නැවේ උඩ තට්‌ටුවේ සිට බෝට්‌ටුවට පැන්නේය. ගැහැනුන් සහ ළමුන් පමණක්‌ බේරාගෙන යන මෙම බෝට්‌ටුවට පිරිමියකු පැනීම ගැන නැවේ කපිතාන්වරයාට හොඳටම කේන්ති ගියේය. උඹ කළේ කැත වැඩක්‌. අපිට මුලින්ම බේරා ගන්න ඕනෑ මේ ගැහැනුන් සහ ළමයි ටිකයි. ඔබ නිසා දැන් බෝට්‌ටුව පැත්තකට බර වෙන්නයි යන්නේ කී කපිතාන්වරයා ඒ මොහොතේම ඔහුට වෙඩි දෙකක්‌ තබා මරා දැමූ බව එඩිත් කියා සිටියාය. 

ටයිටැනික්‌ නැවේ සිට සැතපුම් භාගයක්‌ පමණ ඈතට ගොස්‌ බලද්දී අපට පෙනුණේ ටිකෙන් ටික ගිලෙමින් පවතින නැවේ භාගයක්‌ පමණයි. නැවේ සිටි සමහරු මර හඬ දී කෑගසන හඬ අපට ඇසුණා. සමහරු දෙවියන්ට යාච්Æ කළා. සමහරු මහා හයියෙන් හඬා වැළපුණා. අවුරුදු ගණනක්‌ ඒ අෙ¹aනාව මගේ කන් තුළ රැව් පිළිරැව් දුන්නා. යට ඇඳුමෙන් පමණක්‌ මුහුදේ පාවෙන සිය ගණනකගේ මළ මිනී බෝට්‌ටුවේ සිටින අපට දැක ගැනීමට ලැබුණා. මගේ පියාගේ මිනියත් ඒ අතර තිබෙන්න ඇති. එඩිත් කියා සිටියාය. 

මෙම බිහිසුණු ඛේදවාචකයට මුහුණපා ජීවිතය ගලවා ගත් ටිල්විනා ඩීන් (ඇය දැන් මිය ගොසිනි) මාධ්‍යයට ප්‍රකාශයක්‌ කරමින් මෙසේ කියා ඇත. මගේ මව මේ සිද්ධිය නිසා අවුරුදු ගණනාවක්‌ම පසු වූයේ තදබල කම්පනයකින්. සිද්ධියෙන් පසු ඇය තදබල ඉසේ කැක්‌කුමකින් පෙළෙන්නට පටන් ගත්තා. මෙම ඛේදවාචකයෙන් පසු ඇතිවුණු කම්පනය හේතු කොට ගෙන මවටත් මටත් සති හයක්‌ පමණ රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවුණා. 

ටයිටැනික්‌ ඛේදවාචකයට අසුවී දිවි ගලවා ගත් හැම කෙනකුම කියන්නේ මෙවැනි හද පාරවන කතාය. සමහරුන්ගේ කතා අසා සිටීමට බැරි තරමටම වේදනාකාරීය. මෑත කාලයේ සිදුවූ දරුණුම ඛේදවාචකයක්‌ හැටියට ද ටයිටැනික්‌ සිද්ධිය ඉතිහාසගත වී හමාරය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.