Header Ads

ගාලු මුවදොර පිටියේ මැයි රැළියට සහභාගි වූ දෙදෙනෙකු මිය යයි.


ගාලු මුවදොර පිටියේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියට සහභාගි වූ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඔවුන් දෙදෙනා රෝහලට රැගෙන එනවිට මියගොස් සිටි බව ය.

මියගොස් ඇත්තේ 82 හැවිරිදි සහ 62 හැවිරිදි නිවිතිගල සහ වත්තේගම ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා ගිලන් රථ මගින් රෝහලට රැගෙන ආ බව පොලීසිය සඳහන් කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.