Header Ads

උ. කොරියානු මිසයිලය සාකච්ඡා සඳහා සූදානම් නැති බවට බලවතුන්ට කළ ඉඟියක් ද?


අනතර්ජාතිකව එල්ල වන බලපෑම් නොතකමින් උතුරු කොරියාව යළිත් එරට බටහිර මුහුදේ සිට බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

දකුණු කොරියානු හමුදා අංශ පවසන්නේ, පියොන්ගෑන් සිට වයඹ දෙසට වනන්ට පිහිටි කියුසෝන්ග් ප්‍රදේශයේදී මෙම මිසයිලය අත්අහදා බලා ඇති බවයි.

මෙය මෙම වසරේ උතුරු කොරියාවේ 5වන මිසයිල අත්හදා බැලීමයි.

මිසයිල අත්හදා බැලීම් වහා ම නතර කරන ලෙසට අමෙරිකාව සහ දකුණු කොරියාව උතුරු කොරියාවට මෑතකාලීනව දිගින් දිගටම උතුරු කොරියාවට බලපෑම් කළේ ය.

එම බලපෑම් පිළිබඳ කිසිදු තැකීමක් නොකළ උතුරු කෙරියාව අඛණ්ඩව සිය අත්හදා බැලීම් සිදු කළේ ය.

‍උතුරු කොරියාව දිගින් දිගටම පැවසුවේ, අමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රමාණවත් තරමේ අන්තර් මහාද්වීපික මිසයිල අත්හදා බැලීමක් සිදු කරන බවයි.

ඊට පිළිතුරු ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, උතුරු කොරියාවට එවැනි ප්‍රහාරයක් සඳහා කිසිදු ඉඩක් නොමැති බවයි.

යම් හෙයකින් උතුරු කොරියාව එවැනි ප්‍රහාරයකට තැත් කළ හොත් උතුරු කොරියාවට දරුණු ඵල විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද ට්‍රම්ප් අනතුරු අඟවා සිටියේ ය.

මුලින් උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශ නිකුත් කළ අමෙරිකානු ජනාධිපතිවරයා ඉන් දින කිහිපයට පසුව කියා සිටියේ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට කැමැත්තෙන් පසුවන බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා රූපවාහිනි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ සුදුසු තත්ත්වයක් යටතේ තමා උතුරු කොරියානු නායකයා සමග ගෞරවාන්විත හමුවකට සූදානම් බවයි.

මේ අතර පසුගිය දා බලයට පත් වූ දකුණු කොරියානු නායක මූන් ජේ-ඉන් සිය පළමු කතාව සිදු කරමින් ප්‍රතිඥා දුන්නේ, උතුරු කොරියාව සමග පළුඳු වී ඇති සබඳතා තර කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් උතුරු කොරියාව සිය ජනාධිපති කිම් ජොන් අන්ගේ නායකත්වය යටතේ මිසයිලය අත්හදා බැලීම් සිදු කරන්නේ, සිය ප්‍රධාන බලපෑම්කරුවන් දෙදෙනා සාකච්ඡා සඳහා සූදානමින් සිටින වටපිටාවකදී වීම විශේෂත්වයකි.

උතුරු කොරියාව අත්හදා බැලූ නවමතම මිසයිලය කිලෝමීටර් 700ක් දුරට ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අත්හදා බැලූ මිසයිලය කුමන තත්ත්වයේ එකක්දැයි, යන්න තරක්‍සේරු කිරීම සඳහා විමර්ශන පවැත්වෙන බවයි.

එහෙත් එම මිසයිලය අමෙරිකාවට ළඟා විය හැකි තරමේ අන්තර් මහාද්විපක මිසයිල අත්හදා බැලීමක් නොවන බව ද එම මධ‍්‍යස්ථානය පවසයි.

දකුණු කොරියාව උතුරු කොරියාවේ මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක ඇති අතර පසුගිය සතියේ බලයට පත් වූ එරට නව ජනාධිපති මූන් ජේ- ඉන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිය ආරක්ෂක මණ්ඩලයේ හදිසි හමුවක් කැඳවා ඇතැයි, ද යොන්හැප් නිව්ස් ඒජන්සිය පවසයි.

ජපානය ද උතුරු කොරියාවේ මිසයිල අත්අහදා බැලීම හෙළා දැක ඇත.

අන්තර් ජාතිකව එල්ල වන කිසිදු බලපෑමක් නොතකමින් උතුරු කොරියාව මෙම වසරේ මිසයිල අත්හදා බැලීම් කිහිපයක් සිදුකළ අතර පසුගිය මාසයේ අත්අහදා බැලූ මිසලය දෙකම අසාර්ථක විය.

මේ අතර උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමට වැඩි උනන්දුවක් නොදැක්වීම සම්බන්ධයෙන් අමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනෙකුත් රටවලට චෝදනා කර සිටී.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.