Header Ads

ගීතා මන්ත්‍රීකමට නුසුදුසුයි – අභියාචනාකරණයෙන් තීන්දුවක්! රැලියේ ශාපය ඇරඹුනාද?


ගීතා මන්ත්‍රීකමට නුසුදුසුයි – අභියාචනාකරණයෙන් තීන්දුවක්!

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් ලෙස කටයුතු කිරීම නුසුදුසු බව නියෝග කර තිබෙනවා.

ඇයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් එම නඩුව ගොනු කර තිබූ අතර අද (03) අභියාචනාධිකරණයේදී ඊට අදාළ තීන්දුව ලබා දෙමින් මේ බව ප්‍රකාශ කෙරුණා.

මන්ත්‍රී ධුරයේ සිට රජයෙන් භුක්ති වින්ද සියල්ල ගෙවන්න ගීතාට නියෝග.

ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ. ඩබ්ලිව්. බුවනෙක, ජේ. කේ. අමරවර්ධන ඇතුළු හතරදෙනෙකු විසින් ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධව අභියාචනාධිකරණය අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඇය මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හිමිකම්වලට යටත් නොවන බවත් ද්විත්ව පුරවැසිභාවය ලබා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (1) වගන්තියට පටහැනි බවත් මෙහිදි ප්‍රකාශ කෙරිණි.

තවද වගඋත්තරකාරිය ස්විස් පුරවැසිභාවයෙන් ඉවත් වී ඇති බවට ප්‍රකාශ කළද, ඒ බව ලිඛිතව ඉදිරිපත් කිරීමට හෝ ඒ බව තහවුරු කිරීම සඳහා සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් ව ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.

අදාළ ලිපිලේඛන ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගේ උපදෙස් මත ආගමන විගමන පාලකවරයා වගඋත්තරකාර මන්ත්‍රීවරියට දැනුම් දී ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් ඇය දක්වා නැති අතර මෙලෙස වෙනත් රටක පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම නීතීවිරෝධී සහ මැතිවරණ පනතට පවා පටහැනි බව අභියාචනාධිකරණය මීට පෙර පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිගේ ස්ථාවරය පිළිබඳව කරුණු දැක්වූ  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

ගීතා පාර්ලිමේන්තුවෙන් යනවිට ඇතුලට එන්නේ කවුද?මෙන්න තොරතුරු.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රි ධුරය නීත්‍යානූකූල නැතැයි අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වන අතර ඇය වෙනුවට ඊළන්ඟට මන්ත්‍රිධුර නම් ලැයිස්තුවේ සිටින පියසේන ගමගේ මහතා කථානායක ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.