Header Ads

අවශ්‍ය මුදල වියදම් කරන්න – ජනතාවට කඩිනම් සහන සලසන්න – ජනපතිගෙන් සියලු අංශ වලට උපදෙස්!


අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔස්ට්‍රේලියාවේ සිට අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ඒ සඳහා අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් ලබා ගැනීමට ද ජනපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

තෙදින නිල සංචාරය අවසන් කළ ජනාධිපතිතුමා අද රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිතය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.