Header Ads

ඇවිත් පදිංචි වෙනවාට ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් සල්ලි, ඉඩම්, ගෙවල් දෙන රටවල් මෙන්න..

විවේකෙන් කෙලි දොලෙන් ගත කරන ඔබ කැමති විනෝදවෙන්න.ඉතින් විනෝද වෙන්න නම් අනිවාර්යෙන්ම මුදල් ඕනේ.අපේ රටේ නම් නිකන් ඉන්නවාට රජයෙන් සල්ලි දෙන්නේ නැති උනාට ලෝකයේ බොහෝ රටවල් වගේම නගරත් තියනවා ජීවත්වනවාට සල්ලි දෙන.එවැනි රටවල් හා නගර ගැන මෙතෙක් නොදත් ඔබ මවිත වන තොරතුරු රැසක්.


ඩේට්‍රොයිට් මිචිගන්
මෙහි ජීවත්වන ඕනෑම පුරවැසියෙකුට නිවාසයක් මිලට ගැනීමට ලක්ෂ 32 ක ණයක් ලබා ගැනීමේ අයිතිය ඇත.

නිව් හීවන් නගරය
මෙම නගරයේ වසර 5 කට ජීවත්වීමට හිතන අයෙකුට නිවසක් තැනීමට ලක්ෂ 16ක් දෙනු ලැබේ.

මර්කියුට්,කැන්සාස් නගරය
මෙම නගරයේ ජීවත්වීමට පැමිණෙන ඕනෑම අයෙකුට නොමිලේ ඉඩමක් ලැබේ.

නයගරා දියඇල්ල ,නිව්යෝර්ක් නගරය
සංචාරක ආකර්ශනය අධික මෙම නගරයේ අවුරුදු 2ක් ජීවත් වන අයෙකුට ලක්ෂ 11ක දීමනාවක් ලැබේ.

නිව් රිච්ලෑන්ඩ්,මින්නේසොටා
මෙම නගරයේද නොමිලේ ඉඩමක් ලබාදෙන අතර අවුරුද්දක් ඇතුළත නිවාසය ඉදිකළහොත් ඉඩමේ ඔප්පුව ලබාදෙනු ලැබේ.

හර්මොනි , මින්නේසොටා
මෙම නගරයෙත් වසර 5කට ජීවත්වීමට එකඟ උවහොත් ලක්ෂ 19ක දීමනාවක් ගෙවනු ලැබේ.

කර්ටිස් නෙබ්‍රස්කා
නොමිලේ ඉඩමක් හිමිවන නගරයකි.

සස්කච්චේවන්,කැනඩාව
මෙම නගරයේ අධ්‍යාපනය සඳහා ලක්ෂ 25ක දීමනාවක් ලැබේ.

ඇලස්කාව
ස්ථීර පුරවැසියන් සඳහා සැම වසරකම ලක්ෂ 2ක් ගෙවනු ලැබේ.

ලින්කොල්න් කැන්සාස්
මෙම නගරයේ විශේෂත්වය තමන් කැමති ඕනෑම තැනක ඉඩමක් නොමිලේ ලබාගත හැකිවීමයි.

මෙවැනි පහසුකම් ගැන බලද්දී ඔබට හිතෙන්නේ බොරු ගොඩක් කියලයි.අසුන්දර යැයි සිතන ලෝකයේ මෙවැනි සුන්දර නගර සහ රටවල් තියෙනවා.අපේ රටත් මෙලෙස සුන්දර වන්නේ කවදාද?ඔබෙන් විමසා බලන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.