Header Ads

මුදල් ඇමතිකම අහිමි උනොත් වෙනත් කිසිම ඇමතිධූරයක් බාරගන්නෑ. - රවී කරුණානායක

අද (22) සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී තමන් දරන මුදල් ඇමතිධූරය අහිමි වුවහොත්, වෙනත් කිසිදු අමාත්‍යධූරයක් බාර නොගන්නා බව රවී කරුණානායක මහතාට හිතවත් මාධ්‍ය කිහිපයකට පවසා ඇත.

'මගේ අමාත්‍යධූරය කප්පාදුවට ලක්වෙච්ච මුල් අවස්ථාව මේක නෙවෙයි. මුදල් අමාත්‍යංශය යටතෙ තිබිච්ච ආයතන 50 කට ආසන්න සංඛ්‍යාවක් කප්පාදු කරලා පොදු ව්‍යාපාර හා මහජන ව්‍යවසාය අමාත්‍යංශයට අනුයුක්ත කළා. මට ඉතුරු උනේ මහා භාණ්ඩාගාරය සහ ඊට අනුබද්ධ ආයතන කීපයක් විතරයි. 

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මට ඇමතිධූරය අහිමි උනොත් වෙනත් කිසිම ඇමතිධූරයක් මම බාරගන්නෑ. 
මම පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරනවා.'' යයි මුදල් ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ඇමතිගේ තර්ජන ගැන එක්සත් ජාතික පක්ෂයත් කලකිරීමෙන්

කෙසේවෙතත් අමාත්‍යවරයාගේ මෙම තීරණය ගැන අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටියේ අමාත්‍යවරයාගේ තර්ජනාත්මක හැසිරීමෙන් පක්ෂය තුල විනය පවත්වාගෙන යාමට අපහසුවි ඇති බවත් එජාපය ප්‍රධාන නායකයන් රවී කරුණානායක මහතාගේ මෙම හැසිරීම ගැන ඉතාමත් කලකිරීමෙන් පසුවන බවත්ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.