Header Ads

ඇමති මාරුව ලබන සතියට කල්යයි -ඇමති සංශෝධනයේ නාම ලේඛණය මෙන්න!


අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට (22) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්. මෙම සාකච්ඡාවට ජාතික ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

මේ වන විට සියලුම ඇමැති මණ්ඩල සාමාජිකයන්ට එදින උදෑසන 8.30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස දැන්වීමට කටයුතු කර ඇති බවයි ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රවී කරුණානායක, මංගල සමරවීර ,අර්ජුන රණතුංග, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, රංජිත් සියඹලා පිටිය ,දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර යන ඇමතිවරුන්ගේ ධුර නියත වශයෙන්ම මෙහිදී වෙනස් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එහිදී දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන්ට වැඩි  වගකීමක් පැවරීමට අවධානය යොමුවී තිබේ.

ඇමති මාරුව තමන්ට බලපෑවහොත් දැඩි තීරණයක් ගැනීමට එජාප ප්‍රභල අමාත්‍යවරු තිදෙනෙක් බලාපොරොත්තුවෙන් සිටින බව ද එහිදී පැවසුණා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.