Header Ads

ලක්ෂපාන දිය ඇල්ල - ලංකාවේ දිය ඇලි


ෆෙයාලොන් වත්තට දකුණින් වූ වන පෙතින් උපත ලබන මස්කෙලිය ඔයෙන් පෝෂණය වන දිය ඇල්ලකි.ඉතා විශාල ගල් පර බිඳ දමමින් පහලට බසින මස්කෙලිය ඔය මීටර් 126ක් උසැති හරිත පැහැයෙන් යුත් වන ලැහබක් මැද ඇති ප්‍රපාතාකාර ගල් බිත්තියකින් පහලට කඩා වැටෙනුයේ මෙම සුන්දර දිය ඇල්ල නිර්මාණය කරමිනි.

උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි හා ලෝකයේම 625වැනි ස්ථානයේ පසුවන දියඇල්ල වෙයි.

මෙම ඇල්ලේ නම සෑදි ඇත්තේ ලක්ෂය සහා පහණ හෙවත් පාෂාණය යන්න සංයෝග වීමෙනි.මෙම ඇල්ලට භාවිතා වී ඇති පැරණි නාමය ව්නෞයෙ වැද්දා හිටි ඇල්ල යන්න වන අතර මෙය බිඳී ඇත්තේ"වැද්දා වුසු තැන වන ඇල්ල" යන්නෙන් වීය හැක.

බටහිර දෙසින් පහලට ගලා බසින මස් කෙලි ඔය සහා කෙහෙල්ගමු ඔය එකතු වී අවසානයෙදි කැලණි ගඟට එකතු වේ.නෝටන් බ්‍රිජ් යන මාර්ගයේ මස්කෙලියෙන් කි.මි13ක් බටහිරින් ග්‍රාමීය පරිසරය අතරින් ඇදෙනා අප්‍රධාන පාරක් මුරුතැන්න වෙත යොමුවේ.මේ මාර්ගයේ වේල්ලකින් එගොඩ වී කි.මි.2ක් ගිය කල ඔබ ඇල්ලට නුදුරු කොට්ටලැන්ත කුඩා ගම්මානයට ලඟා වන අතර එතනින් දිසිවෙනුයෙ නිම්නය පාමුල පිහිටි දිය ඇල්ලයි.

ඇල්ල පාමුලට යාමට නම් පඩි 500ක්/මීටර් 300ක් පමණ පහලට බැසීය යුතුවේ.ඇල්ලට ඉහලින් පිහිටි නිවාස වලින් මෙනම මස්කෙලි ඔයට ඉදිරිපිටින් වූ කඳු බෑවුම් පතින් දිවෙනා කිතුල්ගල, කලුගල, ඇබර්ඩීන්,ලක්ෂපාන,නෝට්න් බ්‍රිජ් මාර්ගයෙන්ද මනපිනවන සිත්තමක් ලෙසින් මෙම මනරම් ඇල්ල දිස්වන්නේය.මස්කෙලිය ඔය සහා කෙහෙල්ගමු ඔය එකතුවන දෙමෝදරදි මේ ගංගා යුගලයෙහිම දිවර හා බලශක්තිය,ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙන්ම ප්‍රධාන ජලවිදුලි යෝජන ක්‍රමයට උපයෝගි කරගෙන ඇත.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.