Header Ads

විපතට පත් ජනතාව වෙනුවෙන් බුලත්සිංහලට ගිය යුද හමුදාවේ තිබෙන අධි බලැති විශේෂ සන්නද්ධ රථ මෙන්න

මේ වනවිට දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්වයට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාව එක්ව යුහුසුළුව මෙහෙයුම් දියත් කර තිබෙනවා.

නාය යාම් සහ ගංවතුර තත්වය හේතුවෙන් ඇතැම් ස්ථානවල සිරවී සිටින ජනතාව මුදා ගැනීමට බාධා එල්ල වී ඇත.

කෙසේ නමුත් යුද හමුදාවේ අධි බලැති විශේෂ සන්නද්ධ රථ 06 ක් මෙහෙයුම් සඳහා යොදාගෙන ඇත්තේ ලඟා වීමට අපහසු ස්ථාන වෙත ලඟා වීම සඳහායි.

BTR රථ ලෙස හඳුන්වන මේ විශේෂ සන්නද්ධ රථ 06 සමඟ නිලධාරීන් 05 දෙනෙකු සහ සෙබලුන් 80 දෙනෙකු බුලත්සිංහල ප්‍රදේශයේ නායයාමට ලක්විය හැකි ප්‍රදේශයන් වෙත ක්ෂණිකව යොදවා තිබෙනවා.

මේ එම විශේෂ මෙහෙයුම සඳහා අද (26) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ BTR රථ ගමන් ගත් ආකාරය.








No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.