Header Ads

කුණු කන්දේ කඩදාසි වලට වෙනදේ මොනාද කියලා ඔයා දන්නවාද ?

කටුගස්තොට ගොහාගොඩ තේක්කවත්තේ කසළ අංගණයට දෛනිකව ගෙනවිත් දමන කුණු කසළ අතර තිබෙන පැරැණි කඩදාසි ආදිය එකතු කර ඒවා කඩල, වඩේ සහ වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කරන කඩවලට විකුණා මුදල් ලබා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව හෙළි වී ඇත.

මෙම කසළ කන්දට එකතුවන කඩදාසි නැවත එකතු කර අලෙවි කිරීමේ කටයුතුවල නිරතවන පුද්ගලයන් කීපදෙනෙකු ද මෙම කසළ කන්ද අවට සිටිති.

මෙම කඩදාසි විවිධ වෙළෙ ආයතනවලට විකුණා මුදල් ලබාගන්නා කිහිපදෙනෙකුම පැවැසුවේ, නගරයේ වීථිවල කඩල, වඩේ සහ වෙනත් ආහාර වර්ග අලෙවි කරන්නන් මෙම කඩදාසි වලින් සැකසූ කුඩා බෑග්වල එම ආහාර ද්‍රව්‍ය අසුරන බවයි. 

විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය අසුරන කුඩා බෑග් පිළිබදව සෞඛ්‍ය අංශ හා පාරිභෝගික නිලධාරීන් විශේෂ අවධානයක් යොමු නොකිරීම නිසා කුණු කන්දට ගෙනැවිත් දමන කඩදාසි, පැරණි පොත්පත්වල පිටු කොටස් සූක්ෂම ඉවත්කර පිරිසුදු කර යළිත් විකිණීම සිදුකරනු ලබන්නේ ද ගොහාගොඩ තේක්කවත්ත කුණු කසළ අංගනය ආශ්‍රිතව වෙසෙන ජාවාරම්කරුවන් පිරිසකි.

ජනතාව ලෙඩ රෝග පතුරුවන මෙවැනි ක්‍රියා වහා නතර කිරීමට මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නා බව කටුගස්තොට ජනතාව පවසති.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.