Header Ads

ජාතික රණවිරු සැමරුම අද

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) දින පස්වරු 4.00ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි රණවිරු ස්මාරකය අබියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම උත්සවයට රජයේ මැති ඇමැතිවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් හා ‍පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීහුද, යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් ද සහභාගි වීමට නියමිතය.

දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් හා පුෂ්‍පෝපහාරයක්ද මෙහිදී පැවැත්වීමට නියමිතය.

ජාතික රණවිරු උත්සවය නිමිත්තෙන් අද (19) පස්වරු 2.00 සිට 6.00 දක්වා පාර්ලිමේන්තු පාර සහ ඒ අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්ද ‍පොලීසිය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.