Header Ads

රටේ නීතියටත් උඩින් යන මුස්ලිම් ශරියා නීතිය තවත් කාන්තාවක් බිලිගත් හැටි.


තමීම් ෆාර්තිමා ශර්මිලා මිය ගියාය.

අද රටේ සිංහල අන්තවාදයක් ගැන කතාකරන සමහරක්, මුස්ලිම් අන්තවාදයේ ම්ලේච්ඡ බව ඉදිරියේ මුනිවත රකිති. රටේ ජනමාධ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පුරවැසි සංවිධානද මුස්ලිම් ශරියා නීතිය ඉදිරියේ නිහඩ වී ඇති යුගයක සමාජ ජාල ඔස්සේ අවධානයට ලක්වෙන මෙම පුවත ඉහත කී ම්ලේච්ඡත්වයේ පරාසය සහ හැඩරුව මනාවට කියාපායි.

පුත්තලමේ, මුන්තාල් හී පදින්චි තමීම් ෆාර්තිමා ශර්මිලා 20 රෑ වන දින මිය ගියා. ඇය මිය ගියේ නිකම්ම නොවේ දවස් දෙකක් මරනාසන්නව විදවමින් සිටයි. ඇයට එසේ වීමට හේතු වූයේ ගිනි තැබීමක්ය. එය සිදුකරන ලද්දේ ඇගේ 22 හැවිරිදි ස්වාමි පුරුෂයාය. 

වැදගත් කරුණු අතර පලමුවැන්න නම්  ඇය මියයන විට ඇගේ වයස අවුරුදු 18 වීමත්, ඒ වනවිට මාස හතක දරුවෙක් ඇයට සිටීමත්ය. ඒ වගේම ඇය මියයන විට සිව් මස් ගැබිනියකි. එයින් පැහැදිලි වන කරුණ නම් බාල වයස්කාර විවාහයකට ඇය බලෙන් ඇතුලත්කර තිබීමය. ඇය අවුරුදු 16 දී බලහත්කාරයෙන් විවාහ කරදී ඇත.

දෙවන කරුණ වන්නේ ඇයට ගිනිතබා මරදැමීමට පෙර "මාව මරාදන්න දෙන්න එපායැයි කියමින් ඇය පොලිසියට ගිය බවත් පොලොසිය ඇගේ සැමියාට කතාකර ඇයව භාරදුන් බවත් සඳහන් වේ. වයස 18 ක, සිව් මස් ගැබිනියක් පොලිසියට පැමිණි පසු අඩුම තරමේ ඇගේ වයස සැලකිල්ලට ගනිමින් නරුම පොලිසිය ක්‍රියාත්මක වී නැත. 

තුන්වන කරුණ වන්නේ "අනේ මාව මරයි....මාව දික්කසාද කරල දෙන්න" කියාගෙන පල්ලියට ගිය ඇයව පල්ලිය විසින්ද නැවත ස්වාමි පුරුෂයාට භාරදී ඇත.

හතරවන භයානකම කරුණ වන්නේ රටේ ජන මාධ්‍ය විසින් මෙය හිතමතා ඕනෑකමින් වසන් කිරීමය.

ලංකා ටච් අප කිසිවිටෙකත් මෙවැනි ක්‍රියා වසන් කිරීමට ඉඩ නොදෙමු.

එමෙන්ම මෙවැනි පුවත් විශ්වාසනීය ලෙස අපට ගෙන එන්නට ඔබට හැකිනම් අප එය අපගේ පාඨකයින්ට ගෙනයන්නට හැකි බවද දනුවත් කරනු කැමැත්තෙමු.  - කතෘ - ලංකා ටච්

උපුටාගැනීම - Colombo Telegraph

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.