Header Ads

රන්සිලු ජයතිලකගෙන් සවි එසවීමේ නව ශ්‍රී ලංකා වාර්තා තුනක්.


ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු සවි එසවීමේ තරගාවලිය අද අවසන් විය.

එහිදී, ශ්‍රී ලංකාව නියෝජනය කළ රන්සිළු ජයතිලක කිලෝග්‍රෑම් 120 බර පංතියට සහභාගීවෙමින් නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට සමත්විය.

ස්කොට් (Squat) අංශයෙන් කිලෝග්‍රෑම් 300 ක් හා ඩෙඩ් ලිෆ්ට් (Deadlift) අංශයෙන් කිලෝග්‍රෑම් 322 ක බරක් එසවූ රන්සිළු එම අංශ දෙකෙන් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත්විය.

මෙහිදී ඩෙඩ් ලිෆ්ට් අංශයෙන් රන්සිළු රන් පදක්කමට හිමිකම් කීමට ද සමත්වූ අතර,

බෙන්ච් පෙස් (Bench press) අංශයෙන් එසවූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 165.5 ක් වූ ඔහු එම අංශයෙන් ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යාමට සමත් නොවූවත් එසවූ සමස්ත බර ප්‍රමාණය අනුවද තවත් ශ්‍රී ලංකා වාර්තාවක් අභිබවා යාම විශේෂත්වකි.

සමස්ත බර ප්‍රමාණය ලෙස කිලෝග්‍රෑම් 787.5 ක් ලෙස සටහන් විය.

මෙම ඉසව්වේ දී රන්සිලුට 6 වැනි ස්ථානය හිමිවූ අතර ජයග්‍රහණය හිමිවූයේ සමස්ත බර ලෙස කිලෝග්‍රෑම් 857.5 ක් වාර්තා කල උස්බකිස්තාන ක්‍රීඩකයෙකුටය.

රන්සිලු අද වාර්තා කල වාර්තා තුනම මීට පෙර ඔහු සතුවූ ශ්‍රී ලංකා වාර්තාවේ.

මීට පෙර පැවති වාර්තාව
ස්කොට් (Squat) – කිලෝග්‍රෑම් 292
ඩෙඩ් ලිෆ්ට් (Deadlift) – කිලෝග්‍රෑම් 310
සමස්ත බර – කිලෝග්‍රෑම් 760

ඉන්දික අසංක කිලෝග්‍රෑම් 105 බර පංතියෙන් ලෝකඩ පදක්කමක් ද, හිරාන් ප්‍රනාන්දු ප්‍රවීණයන්ගේ වයස් කාණ්ඩයෙන් කිලෝග්‍රෑම් 105 බර පංතියෙන් රිදී පදක්කමක් ද, කණිෂ්ඨ අංශයෙන් හේෂාන් දිල්හාර කිලෝග්‍රෑම් 93 බර පංතියෙන් ලෝකඩ පදක්කමක් ද මෙම තරගාවලියේදී හිමිකරගැනීමට සමත්ව තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.