Header Ads

ශ්‍රී ලංකා වෛද්‍ය සභා පරිශ්‍රයේ තිබී සොයා ගත් අත්බෝම්බය නිෂ්ක්‍රීය කෙරේ

මරදාන, නොරිස්කැනල් පාරේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා පරිශ්‍රයේ තිබී සොයා ගත් අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලකාය නිෂ්ක්‍රීය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 6.45ට පමණ එම පරිශ්‍රයේ අත්බෝම්බයක් ඇති බවට 119 දුරකතන අංකයට පණිවුඩයක් ලැබුණු බව ය.

ඒ අනුව මරදාන පොලීසිය එම ස්ථානයට ගොස් ආරක්ෂාව සලසා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

අනතුරුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්බෝම්බය එම ස්ථානයෙන් ඉවත් කර ග්‍රෑන්ඩ්පාස් පොදු සුසාන භූමියට රැගෙන ගොස් නිෂ්ක්‍රීය කළ බව පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය සඳහන් කළේ, එය එම් 04 වර්ගයේ අත්බෝම්බයක් වන බව ය.

මේ සම්බන්ධ විමර්ශන කටයුතු බස්නාහිර පළාත අපරාධ හා රථ වාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ඇති.

රජයේ රස පරික්ෂක නිලධාරීන් අදාළ ස්ථානයට කැඳවා සාක්ෂි සටහන් කර ගැනීමට පියවර ගත් බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.