Header Ads

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනයකට

හෙට පෙරවරු 8 සිට පැය 24ක කාලයක සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව හෙට උදෑසන 8ට ආරම්භ වන වැඩ වර්ජනය පසුදින උදෑසන 8 දක්වා ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් මාතෘ, ළමා, පිළිකා සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

මීට අමතරව වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවල වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවනු ඇති.

සයිටම් විරෝධී සරසවි සිසු පා ගමනට පොලීසිය පහරදීම හෙළා දැකීමත්, වෛද්‍ය සභාවට බෝම්බයක් එල්ල කිරීමේ සිද්ධියට විරෝධය පළ කිරීමත්, වෛද්‍ය වර්ජනය දීර්ඝ කිරීමට හේතුවී ඇති කරුණුවලට ඇතුළත්.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.