Header Ads

ගෝඨාභයගේ නියෝග මත රතුපස්වල නිරායුද මිනිසුන් ඝාතනය කළ බ්‍රිගේඩියර් ගුණවර්ධන අත් අඩංගුවට!


බීමට පිරිසිදු වතුර ඉල්ලූ ජනතාවට මිනීමරු රාජපක්ෂලාගේ නියෝග මත වෙඩි තැබූ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන හෙවත් ගුණවර්ධණ සුරියආරච්චිගේ දොන් අනුර දේශප්‍රිය මීට ස්වල්ප වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගනු ලැබිණ.
ඔහු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

කැරලිකාරී තත්ත්වයක් මැඩ පැවැත්වීමට හමුදාව අවශ්‍යය යැයි ඉල්ලා සිටීමේ බලය ඇත්තේ සහකාර පොලිස් නිලධාරියෙකුගෙන් ඉහල පොලිස් නිලධාරියෙකුට මිස වෙනත් කිසිවෙකුට නොවේ. එදා රතුපස්වල දී කිසිදු පොලිස් නිලධාරියෙකු හමුදාවේ සහායක් ඉල්ලා තිබුනේ නැත. එසේ නම් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට රතුපස්වල යන්නැයි නියෝග දුන්නේ කව්දැයි මොහු හෙළිකළ යුතුය.

එදා රතුපස්වලදී කඳුලු ගෑස් ගැසුවේ නැත. අධි පීඩන ජල ප්‍රහාර එල්ල කෙළේ නැත. රබර් උණ්ඩ වලින් වෙඩි තැබුවේ නැත. ප්‍රථමයෙන්ම කෙළේ රතුපස්වල නිරායුධ ජනතාවට ටී 56 උණ්ඩ වලින් වෙඩි තැබීමය. එදා පාසැල් දරුවන් දෙදෙනෙකු ඇතුළු 3 ක් ඝාතනය කළ අතර විශාල පිරිසකට පහර දීම නිසා තුවාල සිදුවිය. පහර කෑ අය අතර මාධ්‍යවේදීන් ද වූහ.

තම මිනීමරු නීතිවිරෝධී කොන්ත්‍රාත් ඉටු කළ ආරක්ෂක අංශ වල සෑම පක්කලියෙකුට සේම බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනටද ප්‍රහාරයෙන් පසුව රාජපක්ෂලා විසින් තුර්කියේ තානාපති සේවය සඳහා යවන ලදී. යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු ඔහු යලි සිය රට කැඳවන ලද්දේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.