Header Ads

පොළොන්නරුවටම විදුලිය නැති වුණේ විසිදෙහැවිරිදි තරුණයාගේ ප්‍රේමය නිසයි

පොළොන්නරුව, හිගුරක්ගොඩ අධිබලැති විදුලි කණුවක් මත නැග විරෝධතාවක නිරත වු පුද්ගලයා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් ඊයේ (03) පස්වරුවේ සිට අද (04) උදෑසන දක්වා පොළොන්නරුව, හිගුරක්ගොඩ ඇතුළු ප‍්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කිරීමටද විදුලිබල මණ්ඩලය පියවර ගත්තා.  
පොලිස් භාරයට ගෙන ඇත්තේ 22 හැවිරිදි බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. පේ‍්‍රම සබඳතාවක් හේතුවෙන් ඔහු මෙලෙස විදුලි කණුවට නැග ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
පොලීසිය විසින් ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගුවන් හමුදාවේ සහායද ඉල්ලා තිබුණා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.