Header Ads

වැල්ලවත්තේ කඩාවැටුණ ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියට බාරවෙයි

වැල්ලවත්ත ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ ඊයේ පස්වරුවේ ඔහු පොලීසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මේ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ල ආසන්නයේ පවතින සියලු ගොඩනැගිලි පරීක්ෂාවට ලක් කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ කුමුදුනී ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වාර්තාව කඩිනමින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට යොමු කරන බව ය.

මේ අතර සුන්බුන් අතර තිබී ඊයේ පස්වරුවේ සොයා ගත් පුද්ගල මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

ඔහු වැඩබිමේ සේවය කළ 20 හැවිරිදි හැටන් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මේ අතර සුන්බුන් අතර සිරවු තවත් පුද්ගලයකු සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.