Header Ads

වැල්ලවත්ත කඩා වැටුනු ගොඩනැගිල්ලේ හිමිකරු – බාකීර් මාකර්ගේ මස්සිනා – මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්!


පසුගියදා හදිසියේ කඩාවැටුණු වැල්ලවත්ත ගොඩනැගිල්ලේ හිමිකරු මේ වනවිට පොලිසියට බාර වී ඇති අතර ඔහු වයස අවුරුදු 63ක් වන මුස්ලිම් ජාතික අබ්දුල් ෆාතා සාජහන් නම් දර්ගා නගරයේ පදිංචි අයෙක් බවට වාර්තාවේ. මේ වනවිට ඔවුන් විසින් සිදුකරගෙන ගිය සමාජ විරෝධී ක්‍රියා රැසක් පිළබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතී.

මොහුගේ පියා ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අතර එමගින් උපයන ලද මුදල් ප්‍රකෝටි ගණනින් කොළබ නගරය පුරා මෙවැනි අනවසර ඉදිකිරීම් වෙනුවෙන් යොදවා ඇත. පියාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ මෙම පුද්ගලයාගේද සෘජු සම්බන්ධතා ඇති බව අනාවරණය වී තිබේ.  මෙම පුද්ගලයාට දියණියන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේද ප්‍රභලයෙකු වන ඉමිතියාස් බාකීර් මාකර්ගේ පුත්‍රයෙකු සමඟ විවාහ වී සිටියි. එම ඥාති සම්බන්ධය මතවූ දේශපාලන බලය යොදාගනිමින් මෙම ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධ පරීක්ෂණ යට ගැසීමට ඔවුන් විසින් කටයුතු කර තිබේ.

මෙම මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් තමන්ගේ සියලු ව්‍යාපාරික ස්ථාන සඳහා රජයේ අවසරය ලබා ගැනීමට යොමුකර ඇත්තේ ඔහු යටතේ වැඩකරනු ලබන සිංහල පුද්ගලයින්ගේ නම් වලින් වීමද විශේෂ කරුණකි.
මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයන ලද රුපියල් මිලියන ගණනක කලු සල්ලි සුදු කිරීම සඳහා මෙම ගොඩනැගිලි ඉදිකර ඇති අතර ඔහු විසින් මුස්ලිම් පල්ලි ඉදිකිරීමට සහ පවත්වාගෙන යාමට විශාල මුදලක්ද ලබා දී ඇති බව අනාවරණය වී තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.