Header Ads

සයිටම් විරෝධී පාගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර.


ගාලුමුවදොරට පිවිසෙන ලෝටස් වටරවුමේ ගුවන්පාලම අසළදී සයිටම් විරෝධී පාගමනට පොලීසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද (24) පෙරවරුවේ වෛද්‍ය සිසුන් හා මව්පියන් ඒකාබද්ධව සයිටම් විරෝධී පාගමනක් සංවිධානය කර තිබුණු අතර මේ හේතුවෙන් අවට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇත.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් එල්ල කරන ලද අධි පීඩන ජල ප්‍රහාරයෙන් ඇද වැටුණු මාධ්‍යවේදියෙකුද තුවාල ලබා රෝහල් ගත කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර අබාධිත රණවිරුවන් පිරිසක්ද විරෝධතා පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ ඇති බව සඳහන්ය.




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.