Header Ads

එක් අයෙක් නිසා පොළොන්නරුවට තවමත් විදුලිය නැහැ

හිඟුරක්ගොඩ, දියබුබුල ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් කණුවකට පුද්ගලයෙකු නැගිම හේතුවෙන් ඊයේ රාත්‍රියේ පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක විදුලි බලය විසන්ධි කිරිමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවිය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, පොළොන්නරුවේ සිට හබරණ දක්වා දිවෙන සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයක කුළුණකට ඔහු නැග ඇති බව ය.

මේ හේතුවෙන් පොළොන්නරුව, ජයන්තිපුර, මනම්පිටිය, වාලච්චේන යන ප්‍රදේශවල විදුලිය විසන්ධි කෙරිණි.

අදාළ පුද්ගලයා මේ දක්වාත් කුළුණ මත සිටින අතර කුමන හේතුවක් මත ඔහු එයට නැගසිටින්නේ ද යන්න පිළිබඳ මෙතෙක් හෙළි වී නොමැති බව පොලීසිය ප්‍රකාශ කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.