Header Ads

‘මෝරා’ බංග්ලාදේශයට කඩා වදී.


ධාරාණිපාත වර්ෂාවත් සමග  ‘මෝරා’ සුළි කුණාටුව බංග්ලාදේශයේ ගිණිකොනදිග මුහුදු ප්‍රදේශයෙන් රට තුළට කඩා වැදී තිබේ.  

බංග්ලාදේශ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අදාළ ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 117ක වේගයෙන්  සුළං ද පවතින බවයි.

පවතින අවදානම් තතත්වය හේතුවෙන් මේ වනවිට මිලියනකට අධික බංග්ලාදේශ වැසියන් පිරිසක් ආරක්ෂික ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන  තිබේ.

මීට  පෙර සුළු කුණාටුව චිතගොංග් නුවරට  කිලෝමීටර 480ක් ඔබ්බෙන් පැවතිණ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම තත්ත්වය හමුවේ, බංග්ලාදේශයය ඉතා තද වැසි සහ ඉතා ඉහළ නාය යාමේ අවදානමක් පවතින බවයි.

සුළි කුණාටුවේ අනතුරුදායක ඉහළම මට්ටම වන 10 වැනි ස්ථානය දක්වා ඉහළ දැමීමට කාලගුණ විද්‍යාඥයින් පියවර ගෙන තිබේ.

ඉන්දියාවේ සහ මියන්මාරයේ ද ඇතැම් කොටස්වලට සුළි කුණාටුවේ බලපෑම් එල්ල වනු ඇති  බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චිතගොං  වැසියන්ගේ ආරක්ෂිව සඳහා තාවකාලික රැඳවුම් ස්ථාන 500 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.

අධික වර්ෂාවත් සමග පුද්ගලයින් 180කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් මෙරටට  බලපෑ ගංවතුර සහ නායයාම්වලින් අනතුරුව සුළි කුණාටුව හට ගැනිණ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.