Header Ads

ස්වර්ණවාහිනියේ වැඩ වරද්දවා ගත්ත නිවේදකයාට වෙලා තියෙන දේ


මෙපම විනාශයක් රටට වී තිබියදීත් චාට් ෂෝ දමමින් ඔය ලෙස හැසිරීම හොදදැයි අසන්නියක විසින් ඇසූ ප්‍රශනයට කෝප වී තම මාධ්‍ය ජාලයෙත් තමාගෙත් ප්‍රතිපත්තිය පෙන්වූ නිවේදකයාට ෆේස්බුක් තුලින් බරපතල සමාජ මතයක් නිර්මාණය වී තිබේ. 

එමෙන්ම ඔහුබේ ෆේස්බුක් ගිණුමට ප්‍රවේශවී එහි සටහන් තබන්නන් ඔහුගේ දෙමාපියන් මතක් කරමින් බැනවදින්නට පටන් ගෙන ඇති අතර ඔහුගේ ෆේස්බුක් ගිණුම රිපෝට් කරන්නටත් පටන්ගෙන ඇත.

පහතින් දැක්වෙන්නේ ඔහු අදාල සිද්දිය සම්බන්ධයෙන් පසුව සමාව ඉල්ලා ෆෙස්ස්බුක් හී දැමූ ප්‍රකාශයයි.


අද උදේ මම ඉදිරිපත් කරන වැඩසටහනකට ආව එක දුරකථන ඇමතුමක් නිසා මේ වෙලාවෙ කතා කරන්න ඕන දේ වෙනුවට වෙනත් දෙයක් කතා කරනවා කියන එකයි මගේ හැඟීම..ඒ දුරකථන ඇමතුම ආව වෙලාවෙ මට තරහවක් ආවා කියන එක මම පිළිගන්නවා..ඒත් ඒ විදියට තරහ ගියේ මිනිස්සු වෙනුවෙන් අපි දිවා රෑ නොබලා වැඩ කරලා ඒ වෙහෙසත් එක්කම වැඩසටහන කරන්න ආව වෙලාවක කියන එක ඔයා දන්නෙ නැතුව ඇති.මේ මොහොත වෙනකොටත් තාමත් එක තත්පරයක් නිදි නැතුව අපි වැඩ කරන ගමන් ඉන්නෙ අපේම සහෘද ජනතාව වෙනුවෙන්...එහෙම ඉන්න වෙලාවක ඒ වගේ දෙයක් කිව්වම තරහක් ගන්න එක සජීවි වැඩසටහනකට උචිත නැති බව මම දන්නවා...ඒ ගැන ඇති උන සිත් තැවුලට මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..ඒත් ඒ විදියට මට තරහ ගියේ මම මොකුත්ම නොකළ කෙනෙක් නොවන නිසා..මම අපේ මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් මෙච්චර කාලෙකට නොකිව්වෙ ඒ වෙනුවෙන් අනවශ්‍ය ජනප්‍රියත්වයක් ලබාගන්න මට ඕන නැති නිසා..මමත් මගේ වටේ ඉන්න අයත් මම කරන දේවල් ගැන හොඳින් දන්නවා...මේ වැඩසටහන අවසානයේ මම ආයෙම මේ ගැන කරන පැහැදිලි කිරීම නොබලා උත්තර දෙන්න එපා..ඒ ටිකත් බලලම උත්තර දෙන්න...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...මේ වෙලාවෙත් මම ඉන්නෙ මිනිස්සු එක්ක ඒ අයට අවශ්‍ය උදව් කරමින්..ඒත් මට ඒ දේ පෙන්නලා වීරයෙක් වෙන්න ඕන නෑ...මම ඉල්ලන්නෙ මෙච්චරයි..එන්න හැමෝම එකතු වෙන්න..අපෙ රත්තරන් රටට වෙලා තියෙන හානිය අපිට හැකි විදියට අවම කරන්න...අසරණ දුප්පත් මිනිස්සුන්ට උදව් වෙන්න එන්න.

ඔහුට පැමිණි කමෙන්ට් බලන්න ඔබුහේ ෆෙස්බුක් ගිණුමට මෙතනින් යන්න. - රහල් අල්විස්  

අද උදේ මම ඉදිරිපත් කරන වැඩසටහනකට ආව එක දුරකථන ඇමතුමක් නිසා මේ වෙලාවෙ කතා කරන්න ඕන දේ වෙනුවට වෙනත් දෙයක් කතා කරනවා කියන එ...
Posted by Rahal Alwis on Saturday, May 27, 2017

අදාල පොස්ට් එ




උණුසුම් පුවත්, ගොසිප්, ඉශේෂාංග ඉක්මනින් බලන්න අපේ ෆෙස්බුක් පිටුව ලයික් කරන්න.

1 comment:

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.