Header Ads

පිළියන්දල වෙඩි තැබීමට මැදිව තුවාල ලබා සිටි දැරිය මියයයි.

පසුගිය දා පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයට මැදිව තුවාල ලබා ජාතික රෝහලේ මේ වන තෙක් ප්‍රතිකාර ලබමින් සිටි දැරිය මිය ගොස් තිබේ.

පසුගිය 9 වන දා රාත්‍රියේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා පිළියන්දල දෙසට ධාවනය වෙමින් තිබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මෝටර් රථයක් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයෙන් එල්ල විය.

තවත් පිරිමි දරුවෙකුට ද මෙම වෙඩි ප්‍රහාරයට මැදි ව තුවාල සිදු විය.

වෙඩි තැබීමෙන් පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතාට බරපතළ තුවාල සිදු විය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.