Header Ads

බටහිර ගායක ක්‍රිස් කොනෙල් ගෙල වැලලා සියදිවි නසා ගනී ..

ජනප්‍රිය බටහිර ගායක ක්‍රිස් කොනෙල් ගෙල වැල ලා ගෙන සියදිවි නසා ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, කොනෙල් ඩිට්රොයිට්යි පිහිටි සිය නිවසේ නාන කාමරය තුළදී එලෙස සියදිවි නසා ගෙන ඇති බවයි.

52 හැවිරිදි කොනෙල් සිය ‘Soundgarden’ සංගීත කණ්ඩයම සමග පසුගිය බදාදා සන්ද්‍යාවේ ප්‍රංසගයකයට සහභාගීවීමෙන් පසු නිවසට පැමිණ එලෙස සිය දිවි නසා ගෙන තිබේ.

මේ අතර කොනෙල්ගේ නියෝජිත බ්‍රයන් බ්‍රම්බ්‍රි පවසා ඇත්තේ, කොනෙල්ගේ වියෝව අනපේක්ෂිත අයුරින් ක්ෂණිකව සිදුවූවක් බවයි.

කෙසේ වෙතත් ඔහුගේ සියදිවි නසා ගැනීමට හේතු වූ කරුණු පිළිබඳව තොරතුරු හෙළි වී නොමැත.

ඩිට්රොයිට්යිහි පොලීසිය විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, ලද දුරකතන ඇමතුමක් මත එදින මාධ්‍යම රාත්‍රියේ සිය නිලධාරීන් කොනෙල්ගේ නිවසට පිටත්ව ගිය බවයි.

එම අවස්ථාව වන විටත් කොනෙල් ජීවිතයෙන් සමුගෙන සිට ඇති බව පොලීසිය පවසා ඇත.

කොනෙල් මිය යන විට ගීත ඇල්බම 4ක් නිකුත් කර ඇති අතර ‘Higher Truth’ කොනෙල් මෑතකදී නිකුත් කළ සංගීත ඇල්බමයයි

‘You Know My Name’ කොනෙල්ගේ අතිශය ජනප්‍රිය වූ ගීතයක් වන අතර එය ඩැනියෙල් ක්‍රෙග් රංගනයෙන් දායක වූ Casino Royale චිත්‍රපටයේ තේමා ගීතයයි.

කොනෙල් උපත ලැබුවේ, 1964 වසරේ ජුලි 20 වන දා ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.