Header Ads

නිර්වින්දන එන්නතක් විදගෙන.. වෛද්‍යවරියක් මියයයි.


නුවරඑලි මහ රෝහලේ වැඩ කරන නිර්වින්දන වෛද්‍යවරියක් නිර්වින්දන ඖෂධ අධිමාත්‍රාවක් එන්නත් කරගෙන රෝහල් නේවාසිකාගාරයේ කාමරයක මියයෑමේ සිද්ධියක් පිළිබඳ නුවරඑළිය මුලස්ථාන පොලීසිය පරීක්ෂණ අරඹා ඇත. පෙරේදා (22) රාති්‍රයේ දී නිවසේ ඇඳ මත මෙලෙස මියගොස් ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 31 හැවිරිදි දිල්රුක්ෂි හෙට්ටිආරච්චි නැමැති වෛද්‍යවරියකි.

මෙම වෛද්‍යවරිය රෝහලේම සේවයේ නියුතු අධිකරණ වෛද්‍යවරයකු සමඟ විවාහ වි සිටියදී දෙදෙනා අතර ඇති වූ ආරාවුලකින් අනතුරුව දික්කසාද විමට කොළඹ දිසා අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබූ බව නුවරඑළිය මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

ඇය රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයේ කාමරය තුළදී නිර්වින්දන එන්නත  වැඩි මාත්‍රවකින් එන්නත් කර ගෙන ඇතැයි නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික උදයංග මහතා පැවසීය.

වෛද්‍යවරිය සමග තවත් වෛද්‍යවරියන් තිදෙනෙකුද එම කාමරයේ නේවාසිකව සිටින බව එම තිදෙනා නොසිටි අවස්ථාවක මෙසේ සියදිවි නසා ගෙන ඇතැයිද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

නුවරඑළිය මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පස්වරුවේ පවත්වා මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියෝග කළේය.

සිද්ධිය පිළීබදව නුවරඑළිය මූලස්ථාන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.