Header Ads

මීළඟ පරම්පරාවේ අලුත්ම ස්කූටරය මෙන්න.


දිනෙන් දින වැඩි වන ගමනාගමන තදබදය අවම කිරීමට පිළියමක් ලෙස නව නිමැවුම් සොයා ගැනීම සඳහා ලොව පුරා නවෝත්පාදකයන් නිරන්තරයෙන් උත්සාහ කරන නමුත් ප්‍රායෝගික ලෙස එය සාර්ථක කරගැනීම තවමත් සිහිනයකට පමණක් සීමා වී තිබෙනවා.

ජර්මානු ඉලෙක්ටි්‍රකල් ඉන්ජිනේරුවරයකු වන ඕලාෆ් වින්ක්ලර් හට අනාගත ගමනාගමනය සඳහා රථ වාහන කිරීමට අසමත් වූ දෙයක් කිරීමට දැනුණු අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස Uo හඳුන්වා දී තිබෙනවා. ඉන්ජිනේරු ඕලාෆ් 2015දී තම රැකියාව හැර ගියේ මේ Uo ස්කූටරය වෙනුවෙන් පූර්ණකාලීනව කැප වීමටයි.

රෝද තුනකින් සහ (එක රෝදයකට බෝල් බෙයාරිං 27ක්) ඉලෙක්ටි්‍රකල් මෝටර 3කින් (එකක් වොට් 450) සෑදුණු මෙම ස්කූටරයට පැයට කිලෝමීටර් 12ක උපරිම වේගයක් රඳවා ගැනීමේ හැකියාව දැනට ඇති අතර මෙයට අංශක 360ක පරාසයක් තුළ චලිතයේ යෙදීමටද හැකියාව ඇත.

මෙය ධාවන පරීක්ෂාවට ලක් කළ අයගේ ප්‍රතිචාරය වූයේ ධාවනයේ යෙදෙණු විට පාවෙනවා වැනි හැඟීමක් මෙය හරහා දැනෙන බවයි. ගමන් කරනවා වෙනුවට පාවෙනවා යැයි විවේචනයට භාජන වන අයට නම් මෙම ස්කූටරය වෙළෙඳපොළට එක්වීම අස්වැසිල්ලට කාරණයක් විය හැකියි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.