Header Ads

මහින්ද ශ්‍රීලනීපයෙන් ඉවත්වෙයි! (ලිපිලේඛන සහිතයි)


කුරුණෑගල දිස්ත්‍රික් පා.ම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී පොදුජන පෙරමුණ සමඟ එක්ව තිබේ. පොදුජන පෙරමුණේ මැයි දින රැලිය සඳහා ඒ මහතා සහ ඔහුට සම්බන්ධ පාර්ශවයන් විසින් නිකුත් කර ඇති ලිපි සහ නිවේදන අනුව ඒ මහතා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සම්බන්ධ නොවී පොදුජන පෙරමුණ සමඟම සම්බන්ධ වෙමින් දේශපාලනය කරනු ඇති බවට තහවුරු වී තිබේ.

හෙට(1) දිනයේදී ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි රැළිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ ඊට සම්බන්ධ කිසිදු පාර්ශවයක සහභාගීත්වයෙන් පැවැත්වෙන්නක් නොව පොදුජන පෙරමුණ සහ ඊට සම්බන්ධ සුලු පක්ෂ කිහිපයක එකමුතුවෙන් පැවැත්වෙන්නක් බව මේ අනුව පැහැදිලි වේ.

ඉහත කරුණු සනාථ වන ආකාරයේ ලිපි ලේඛන කිහිපයක් අප වෙත ලැබී ඇති අතර එම ලේඛන පහතින් දැක්වේ.

රටපුරා වෙසෙන සියලූම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් නියෝජනය වන එකම මැයි රැළිය හෙට (1) මහනුවර ගැරඹේ ක්‍රීඩාංගනයේදී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.