Header Ads

පරිසරවේදින්, පුරවැසි සංවිධාන කරකවා අතහැරිය ජනපතිගේ කැබිනට් සංදේශය!!

ජනාධිපතිවරයා පරිසර ඇමති ලෙස ඌව වෙල්ලස්සේ අක්කර 32,500 ක් උක් වගාව සඳහා සිංගප්පූරුවේ වෙන්චර් සමාගමට මුදාහැරීමට ඉදිරිපත් කල කැබිනට් සංදේශය පරිසරවේදින් සහ පුරවැසි සංවිධාන දැඩි ලෙස හෙලා දකිනවා.

මේ පිලිබඳව ලංකා ටච් වෙත අදහස් දැක්වූ පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් මහතා පවසන්නේ එය සිදු වුවහොත් මහා දැවැන්ත පරිසර හානියක් සිදුවන බවයි.

ජානාධිපති ඇමරිකාවට ලංකාවේ ඉඩම් අල්ලගන්න ඉඩදෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ රවින්ද්‍ර කාරියවසම් මහතා පවසන්නේ එය සිදුකිරීමට නියමිත වන්නේ ලෝක පරිසර දිනයේදී බවයි. වෙන්චර් සමාගමේ මව් සමාගම ඇමරිකානු සමාගමක් බවත් ඇමරිකාව විසින් ලංකාවේ ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලියට ජනාධිපති ලෙස සිරිසේන මහතා උදව් කරන බවත් ඔහු චෝදනා කරනවා. 

අක්කර 62,500 ක්ම දීලා. ගැටළු රැසක් ඇතිවෙනවා ඒකාන්තයි!!!

මේ උක්ව ගාව වෙනුවෙන් අක්කර 62,500 ක්ම මුදාහැරීමට ප්ජනාධිපතිවරයා කටයුතු කරන බවත් ඌව වෙල්ලස්ස සොරබොර වැව, ගල් ඔය නිම්නයේ සුවිශේශී ප්‍රදේශයක් බවත් වෙල්ලස්ස ජනතාවගේ වාරි අවශ්‍යතා ඉටුකරන ගල් ඔය වගේ ඒ ආශ්‍රිත ප්‍රදේශය උක් වගාවට දීමෙන් වනාන්තර විනාශ වීමෙන් ගැටලු රාශියක් ඇතිවන බවද රවින්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දෙයි.

අලි ගහන  ප්‍රදේශ ජෛව විවිදත්වය විනාශ වීම පමනක් නොව පුරා විද්‍යා සාධකද මෙමගින් විනාශ වන බව ඔහු පැවසීය.

පරපුරක බලයේ චාමර නාකන්දලගෙන් දැඩි වාග් ප්‍රහාරයක්.

අද දින පුරවැසි සංවිදාන එකමුතුව පැවැත්වූ මාධ්‍ය හමුවේදි දහස් දැක්වූ පරපුරක බලය සංවිධානයේ කැදවුම්කරු චාමර නාකන්දල පැවසුවේ මෙය 1818 රොබට් බවුන්රි කල විනාශයට දෙවෙනි නොවන බවයි.


ලංකාවේ අසාර්ථකම පරිසර ඇමති

ලංකාවේ අසාර්ථකම, අදක්ෂ පරිසර ඇමතිවරයා වත්මන් පරිසර ඇමතිවරයා බවත් කැබිනට් සංශෝධනයේදී අඩුම තරමේ ඔහුගේ ඇමතිකම වෙනස් වූවානම් තමා සතුටුවන බවත් පවසන චාමර නාකන්දල පරිසර දිනයේදීම මේ විනාශය ආරම්භ කිරීමෙන් ලෝක ඉතිහාසය තුල ජනාධිපතිවරයා ඉතිහාසගතවන බවත් පැවසීය.

ජනාධිපති ගමේ ගැටයක් ගහලා

තවදුරටත් අදහස් දැක්වූ චාමර නාකන්දල පවසන්නේ මේ සඳහා වන ජනතා විරොධය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගමේ  ගැටයක් ගසා ඇති බවයි. එනම් ගොවියන් 10,000 ක් අතරේ අක්කර 2.5 බැගින් බෙදා දීමට කටයුතු කර එම බිමේ උක් විතරක් වැවීමටත්, එම උක් අදාල සමාගමට පමනක් ලබාදීමටත් ඒ සියළු කටයුතු අදාල සමාගම යටතේ සිදු කිරීමට කොන්දේසියක් දමා ඇති බවයි. 

තවද එහි ලාභයෙන් 1%ක් පමනක් රජයට ලැබෙන ලෙස ගිවිසුමට එලබීමත් පුදුම සහගත බවත් ජනාධිපතිට දෙවියන්ගේ සහල් කැවි ඇද්දැයි සිතන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වමේ කේන්ද්‍රයේ චමීර පෙරේරා ජනවාරි 8 සම්මුතිය මතක් කරයි.

ලංකා ටච් වෙත අදහස් දක්වමින් වමේ කේන්ද්‍රයේ සම කැදවුම්කරු චමීර පෙරේරා පවසන්නේ මෙය ජනවාරී 8 එකගතාවය බිදැමීමක් බවත්, ජනවාරි 8 එකගතාවය පැහැදිලිවම පරිසරය රැකීමට එකග වි ඇතිබවත් මේ පිළිබදව ජනාධිපතිවරයා වගකිව යුතු බවත්ය. 

වහාම පත්‍රිකාව ඉල්ලා අස්කර ගත යුතුයි

තවදුරටත් අදහස් දක්වන චමීර පෙරේරා මහතා පවසන්නේ අක්කර 62,500ක රජය සතු වනය, විනාශ කිරීම මිනිසා පමනක් නොව සතා සිව්පාවා විනාශයට ලක් කිරීමක් බවත් මෙමගින් පරිසර ඇමතිවරයා ලෙස ගරු ජනාධිපතිවරයා දැඩි අපකීර්තියකට පත්වන බවත් වහාම මෙම කැබිනට් පත්‍රිකාවා ඉල්ලා අස්කරගැනීමට ඔහු කටයුතු කලයුතු බවත්ය.
අදාල කැබිනට් ප්‍රකාශය පහත දැක්වේ.


1 comment:

  1. kisima vishwasayak thabiya nohaki , Weda beri Ponna lajjanathi ballek sirisenaya.

    ReplyDelete

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.