Header Ads

දෙරණේ නිවේදිකාව පැහැරගෙන නිරුවත් කර ඡයාරූප ගෙන මහමග දමා ගිහින්.


දෙරණ රූපවාහිනියේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් පැහැරගෙන ගොස් නිරුවත් කර ඡයාරූප ගෙන පසුව මහමග අතහැර දමා ගොස් ඇති බවට අදාල නිවේදිකාව විසින්ම පොලීසිය පැමිණිලි කර තිබෙනවා. 

දෙරණ ස්ටාර් සිටි තරගයේ පෙරහුරු වැඩසටහනට සහභාගී වී සිටි ඇය අදාල වැඩසටහනේ වැඩසටහන් නිෂ්පාදකයෙකු සමග ඔහුගේ මෝටර් රියෙන් නිවස බලා යද්දී පසුගිය සිකුරාදා (19) මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ මහරගම රත්මල්දෙනිය ප‍්‍රදේශයේදීය.

සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් ගිනි අවි පෙන්වා මෝටර් රියෙන් නිෂ්පාදකයා හා නිවේදකාව බස්සවා වෑන් රියේ නංවාගෙන පැහැරගෙන ගොස් නිරුවත් පින්තූර ගෙන ඇය සතුව තිබූ රන් ආබරණද කොල්ල කා කොට්ටාව දුම්රියපල අසලට ආපසු ගෙන ගොස් දමා තිබේ.

නිවේදිකාව නිරුවත් කර පින්තූර ගෙන ඇත්තේ වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම වන අතර ඔහුගේ මෝටර් රථය මේ වන තෙක් සොයාගෙන නැත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.