Header Ads

උස්මහත් වුණු ලොකු දුවෙක් ඉන්න අම්මා කෙනෙක් මේ නටන නාඩගම මොකක්ද?

නිල්මිණීට දැන් නටනවා ගයනවා රඟනවාට වඩා වෙන වැඩක් ඇත්තෙම නෑ වගේ?
නටනවා, ගයනවා, රඟනවා විතරක් නමෛයි රියැලිටි තරගයක කණ්ඩායම් නායිකාව වශයෙන් මට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීමත්් ඉෂ්ට කරන්න ඕනෑ නේ. ඉතින් මගේ ව්‍යාපාර කටයුතුත් මඟ නොඇරගෙන මාස හයක් තිස්සේ ඒ වැඩවලට සම්බන්ධ වුණා.

තනි තනියෙන් වගේ නමෛයි. එකම අදහස් නැති කීප දෙනෙක් එක්ක වැඩ කරන එක අසීරු නැද්ද?
ඇයි නැත්තේ කණ්ඩායම් නායිකාව, නායකයා තමයි වැඩියෙන්ම අසීරුතාවට ලක් වෙන්නේ. මාස හයක් අපි ඒ දුෂ්කරතා විඳ විද මත ගැටුම් මත සාර්ථකව ආවා. අවසන් තරගය තමයි ඒ දුෂ්කර ක්‍රියාවෙ ප්‍රතිඵලය. ඊට පස්සේ අපි ආයෙමත් සතුටින් විසිර යනවා.

රියැලිටි තරගයකට සහභාගි වෙලා නිල්මිණී ලොකු අත්දැකීමක් අරගෙන වගේ?
අපිට මැරෙනකන්ම අත්දැකීම් ලැබෙනවා. මේක එක පුංචි නැවතුමක් විතරයි.

එස්.එම්.එස්. මනාප ‍පොරයට මුහුණ දුන්නේ කොහොමද? කණ්ඩායම මේ වන විට ඒ වෙනුවෙන් කීයක් විතර වියදම් කළාද?
සත පහක්වත් නෑ. අපි ඒ ගැන හිතුවෙම නෑ.

කියන්නේ ඇත්තම නම් නිල්මිණීගෙ අවුරුදු ගණනක ප්‍රවීණත්වයට ප්‍රේක්ෂකයො සලකලා?
මට විතරක් නමෛයි. අනිත් අයටත් අඩු වැඩි වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර තියනවානේ. මේ හැමෝගෙම එකතුවක්.

ඇත්තද නිල්මිණීව අයි.පී.එල්. යවන්න සූදානමක් තියෙනවා කියන්නේ?
ඔය කියන්නේ කාසියේ වාසිය හැමදාම මට ලැබෙන නිසානේ.

ක්ෂේත්‍රයට දවසින් දවස අලුත් අය එක් වෙනවා. තමන්ගේ තැන නැති වෙයි කියලා බයක් නැද්ද?
අ‍පෝ නෑ. තාමත් අපිට ඇති වටිනාකමේ අඩුවක් වෙලා නෑනේ. ඒ කා‍ලේ අපිට ලැබුණු අවස්ථා අද කා‍ලේ ළමයින්ට නොලැබෙන එකයි දුක.

තමන්ගේ පරපුරට වඩා  අලුත් පරපුරේ වෙනසක් දැනෙනවාද?
මම මේ කියන්නේ තිස් පහට අඩු අය ගැන. හැමෝම නැති වුණත් කීප දෙනෙක් ඉන්නවා. ඒ අය එක්ක වැඩ කරද්දී කලකිරෙනවා. ඒ අය එක්ක සාමූහික වැඩක් කරන්න හරි අමාරුයි.

ඇවිත් ටික දවසකින් ටෙලියකින් දෙකකින් එළියට ඇවිත් නිළියෝ, නළුවෝ කියලා ලොකු ඔළුවෙන් ඉන්න පිරිසකුත් ඔය අතර ඉන්නවා නේද?
ඇත්ත. ක්ෂේත්‍රයේම සමහරු තමයි ඒ ළමයින් නරක් කරන්නේ. එතකොට එයාලට ආපු විදිය මතක නෑ. වැඩිහිටියන්ට, මාධ්‍යයට ගරුසරුවක් නෑ. ක්ෂේත්‍රයේ අය එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නේ නෑ. කීප දෙනෙක් එහෙම වුණාට බහුතරය එහෙම නෑ.

රියැලිටි තරගත් ඉවරයි. දැන් ආපහු රංගනය ගැන හිතනවාද?
නැහැ. මේ දවස්වල මම රංගනයෙන් ඈත්වෙලා ඉන්නේ.

ඒ ඇයි? රියැලිටි තරග නිසාද?
අ‍පෝ නෑ. ශ්වේතාගේ විභාග කටයුතු නිසා ජුනි ජූලි විතර තමයි ආපහු රංගනය ගැන හිතන්නේ.

ශ්වේතා දැන් ලොකු ළමයෙක්. කවදාහරි අම්මා වගේ නිළියක් වෙයිද?
මම හිතන්නේ නෑ. එයා සංගීතයට නම් දක්ෂයි. ඡායාරූප ශිල්පයටත් පුදුම උනන්දුවක් තියනවා. ශ්වේතා බලාගෙන ඉන්නේ මම අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයක ස්ටිල් ෆොටෝ ග්‍රැෆර් වෙන්න.

ඉතින් ශ්වේතාගේ ඒ බලා‍පොරොත්තුව කවදා ඉටුවෙයිද?
ශ්වේතාගේ විභාග කටයුතු ඉවර වුණු ගමන් මම ඒ වැඩේට අතගහනවා. එතකොට ශ්වේතාගේ හීනයත් හැබෑ වෙනවා.

ශ්වේතාගේ විතරක් නමෛයි. ඔය හැබෑ වෙන්නෙ නිල්මිණී කාලාන්තරයක් තිස්සේ දැකපු හීනයක්?
ඔව්. තවත් ඒ හීනය කල් දාන්න බෑනේ.

පහුගිය කා‍ලේ පෞද්ගලික ජීවිතයේ ඇති වුණු ප්‍රශ්න දැන් විසඳිලාද?
ඔව්. ඒ ගැන ආපහු මතක් කරන්නවත් කැමති නෑ. මිනිස්සු කවුද කියලා තේරුම් ගත්තා. ඒ හොඳටම ඇති.

හිමේෂා සවන්තී රාජපක්ෂ
lakbima.lk ඇසුරෙනි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.