Header Ads

කිතුල්ගල පැත්තෙ සුපිරි හෝටලයක් අරක් ගත්ත දේශීය සුනඛයා


කිතුල්ගල පැත්තෙ තියෙන සංචාරයක හෝටලයකට දේශීය සුනඛයෙක් එනවලු. මේ හෝටලය දේශීය වගේම විදේශීය සංචාරකයන් නවාතැන් ගන්න තැනක්.

මේ හෝටලයට එන හැමෝටම දකින්න පුළුවන් කරපටියක් දාපු දේශීය සුනඛයෙක් හෝටලයේ ලොබි එකේ බිම නිදාගෙන ඉන්න විදිය. මේ ස්ථානය වෝටර් රාෆ්ටිංවලට බොහොම ප්‍රසිද්ධ තැනක්. රාෆ්ටිංවලට ආපු යුරෝපීයයන් සිය ගණනක් එතන ඉන්නවා. මේ සුනඛයට ඒ කිසි කෙනකුව අමුත්තන් නෙමේලු.

මේ සුනඛයාගේ නම රෝසි. රූම් බෝයි කෙනෙක් හරි වෙන ඕනෑම කෙනෙක් හරි රෝසි එන්න කිව්වොත් ඒ කෙනා ගාවට ගිහින් හුරතල් වෙනවලු.

සාමාන්‍යයෙන් ඉතින් මෙහෙම ලොකු හෝටලයකට දේශීය සුනඛයෙක්ට එන්න දෙන්නේ නැහැ. නමුත් රෝසිට මේ හෝටලයේ ඕනෑම තැනක යන්න අවසරය තියෙනවා.

දැන් ලෝකයේ දියුණු මිනිස්සු බල්ලන්, බළලුන් වගේ සතුන්ට ආදරය කරුණාව දැක්වීම පිළිබදව නව ප්‍රවණතාවක් තියෙන බව මේ සිදුවීමෙන් පස්සෙ අපි හැමෝටම තේරෙන කාරණයක්.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.