Header Ads

ශ්‍රී ලංකාව බූවල්ලන් අපනයනට සූදානම්!


ශ්‍රී ලංකාව ඉතිහාසයේ ප්‍රථමවරට බූවල්ලන් දකුණු කොරියාවට අපනයන සඳහා කටයුතු සැලසුම් කර තිබේ.

දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර වූ වෙළඳ හවුල්කාරීත්ව ව්‍යාපෘතියක ප්‍රතිපලයක් ලෙස මෙම ශ්‍රී ලාංකීය බූවල්ලන් දකුණු කොරියාවට අපනයන කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර එහි ප්‍රථම බූවල්ලන් තොගය මේ වනවිට අපනයනය සඳහා සකස් කර තිබේ.
මෙම බූවල්ලන් අපනයනය තුලින් වාර්ශිකව ඇමරිකානු ඩොලර් මිලියන 5 පමණ ආදායමක් ඉපයීමට බලාපොරොත්තු වේ.

ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ධීවර අපනයන සංවර්ධන උපායමාර්ගීක සැලසුම ප්‍රකාරව මෙම ව්‍යාපෘතිය ඇතුලු ව්‍යාපෘති රැසක් සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බව වාර්තා වී තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.