Header Ads

මවක් සිය බිළිඳිය සමග ලක්ෂපාන දිය ඇල්ලට පනී


ලක්ෂපාන දිය ඇල්ල පහළ කොටසේ තිබී බිළිඳියකගේ මළ සිරුරක් හමු වී තිබේ.

මාස 2 හමාරක් පමණ වයසැති මෙම බිළිඳියගේ මව ලක්ෂපාන දිය ඇල්ලේ මුදුනේ සිට බිළිඳිය ද සමග ඊයේ පහළට පනින්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

පොලීසිය පැවසුවේ 30 හැවිරිදි මවගේ සිරුර මෙතෙක් හමුවී නොමැති අතර ඇය සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව ය.

අතුරුදන් වූ මව සහ ජීවිතක්ෂයට පත් බිළිඳිය නොර්ටන් බ්‍රිජ්, තෙබර්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

අතුරුදන් වූ කාන්තාවට තවත් ගැහැණු දරුවකු සිටින අතර සැමියා පෞද්ගලික අංශයේ රැකියාවක නිරත අයෙකු බව ද පොලීසිය සඳහන් කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.