Header Ads

ප්‍රධාන ගංගා දෙපස ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි උපදෙස්.


ඊයේ පස්වරුවේ සිට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කැලණි, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී ඇත්තේ, ජල මට්ටම් ඉහළ යාමත් සමග එම ගංගා ආශ්‍රිත ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස ය.

නිරත දිග මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අද උදෑසන නිකුත් කළ තද වැසි පිළිබඳ විශේෂ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන ලෙස ය.

මේ අතර වර්ෂාවත් සමග රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල නාය යෑමේ අවධානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා තිබේ.

එම මධ්‍යස්ථානය දැනුම්දී ඇත්තේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දෙහිඕවිට ප්‍රදේශ වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, ඉඹුල්පේ සහ කිරිඇල්ල ප්‍රදේශවලටත් මෙම නාය යෑමේ අවධානම පවතින බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.