Header Ads

පාලින්දනුවර ප්‍රදේශීය ලේකම් කාර්යයාල සේවකයෝ සහනාධාර ගසා කයි!


අයහපත් කාළගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව අතර බෙදාදීම සඳහා ලැබී ඇති ඇදුම් සහ තවත් බොහෝ ද්‍රව්‍යමය ආධාර රැසක් අගලවත්ත පාලින්ද නුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයින් විසින් වංචා සහගත ලෙස සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා නිවෙස් වලට රැගෙන යමින් තිබෙන බව වාර්තා වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වන ගයාන් පෙරේරා මහතාට මෙම වංචාව පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර ඔහු සිය ෆේස්බුක් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක්ද තබා තිබේ.

අද උදෑසන ජායාරූප මාධ්‍යවේදී ශෙහාන් ගුනසේකර විසින් ගන්නා ලද ජායාරූපයක් අප මේ සටහන පහතින් ඔබට ඉදිරිපත් කරන්නෙමු. සියලු දේ අහිමිව මඩ තැවරුනු ඇදිවත පමනක් සහිතව ජීවත්වන ඒ අසරණ ජනතාවට ලැබෙන ආධාර සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වංචනිකව යොදාගන්නා පාහර රාජ්‍ය සේවකයින්ට උපරීම දඩුවම් ලබාදිය යුතු නොවේද?

මෙම කරුණ පිළිබඳ නිසි ලෙස සොයා බලා වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.


දැන් ලැබුන News එකක් ... කණ පැලේන ගහන්න ඔනේ ගිහින් මුන්ට බලධාරීන්ගේ අවධානයට, අගලවත්ත පාලින්ද නුවර ප්‍රාදේශිය ලේකම් කාර...
Posted by Gayan Randy Perera on Wednesday, May 31, 2017



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.