Header Ads

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරියේ ය.
ඒ ජූනි 8 වැනිදා පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ඉලක්ක කරගනිමිනි.

ඊයේ මධ්‍යම රාත්‍රිය පසු වී මිනිත්තුවක් ගතවීමත් සමග බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නිල වශයෙන් විසිරුවා හැරිණ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බ්‍රිතාන්‍ය රැජිණගේ අවසරය ලබාගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඩවුනිං වීදියේදී මාධ්‍ය ඇමතුවා ය.

ඇය මෙහිදී යුරෝපා සංගමයේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කර තිබේ.

අගමැතිවරිය චෝදනා කළේ, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට අහිතකර බලපෑම් එල්ල වන අයුරින් කටයුතු කරන බවයි.

බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නොමග යවන සුළු ප්‍රකාශ කරන බවටත්, බ්‍රිතාන්‍යට එරෙහිව තර්ජන ඇති කරන බවට ත් ඇය එහිදි යුරෝපා සංගමයේ බලධාරින් කිහිපදෙනෙකුට චෝදනා එල්ල කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.