Header Ads

පොල් ගෙඩියක් හිස මතට වැටුණු අයෙකුට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් මත් බෙහෙතක් – රෝගියා ජාතික රෝහලට !


දිවයින පුරා පැවති වෛද්‍ය වැඩවර්ජනයත් සමග අසාධාරණයට පත්වූ රෝගීන් වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර කිරීමට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලෙන් තීරණය කර තිබුණා. වෛද්‍යවරුන් වැඩ වරද්දී අසරණ වන රෝගීන් වෙනුවෙන් මෙලෙස සේවය කිරීමට මැදිහත්වීම අගය කළ යුතු ක්‍රියාවකි.

නමුත් මෙලෙස පැමිණි රෝගියෙකුට දුන් ප්‍රතිකාරයක් සමාජජාල මාධ්‍යන්වල බොහෝ සෙයින් කතාබහට ලක්ව තිබෙනවා. එනම් පොල් ගෙඩියක් හිස මත වැටීම නිසා ප්‍රතිකාර සඳහා රැගෙන ආ රෝගියෙකුට ලබාදීමට සුදුසු නැති ‘ටැමඩෝල් ‘ නම් බෙහෙතක් ලබාදී නැවත එම රෝගියාව කොළඹ ජාතික රෝහලට එවීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

මෙවැනි අනතුරකට භාජනය වූ රෝගියෙක් හට කිසිසේත් ට්‍රැමඩෝල් ලබානොදෙන අතර එය ලබාදීමෙන් රෝගියා මත් ගතියට පත්වන බවත් එමගින් මොලයට වන හානිය තීරණය කිරීමට බැරි බවත්, මොලේ ඇතුලට ලේ යනවාද නැද්ද යන්න තීරණය කිරීමට අසීරු බවත් පැවසෙයි.
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ලොව ඉහළම සීටී ස්කෑනර් සහ එම් ආර් අයි ස්කෑන් තිබෙන බව පැවසුවත් මෙලෙස මෙම රෝගියාව මාරු කර යවා ඇත්තේ අදාළ පරීක්ෂණ වාර්තා ලබාගැනීමට බවත් වාර්තා වේ.

මහජනතාව අපහසුතාවයට පත්වන මෙවන් අවස්ථාවක දී මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නොමිලේ ප්‍රතිකාර කිරීම නැවත වරක් අගය කරන අතර එහෙත් මෙවැනි අත්වැරදීම් ඉදිරියේදීවත් සිදු නොවීමට වගබලා ගත යුතුයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.