Header Ads

දුප්පතුන්ට රෝහල්වල මිය දෙන්නට ඉඩ හරින පාදෙණියගේ දෙපිටි කාට්ටු වැඩේ හෙළිවේ

සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති.

මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කලා.

නමුත් වෛද්‍ය සංගමයේ ප්‍රධානියා වන අනුරුද්ධ පාදෙනිය රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට පැමිනෙන අසරණ මිනිසුන් රස්තියාදු කරමින් වර්ජන කලද අද (05) සවස කොළඹ නවලෝක රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවය සඳහා සම්බන්ධ වන බව වාර්තා වේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තහනම් කරන ලෙස ඉල්ලමින් රජයේ රෝහල්වල අසරණ දුප්පත් රෝගීන් මරණ මංචකයට යවන පාදෙණිය හවසට පෞද්ගලික රෝහල්වල මුදලට බේත් දීම ඉතා අවිනීත, අශිෂ්ඨ, අමානුෂික ක්‍රියාවක් වන අතර රටේ ජනතාවගේ මුදල්වලින් අධ්‍යාපනය ලබා මෙවන් පාහර ක්‍රියාවන්වල යෙදෙන දොස්තර හොරුන්ට එරෙහිව රජය පියවර ගත යුතුබව ජනතාව පවසයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.