Header Ads

බොරලැස්ගමුවේදි සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගෙන ගිය ගණිකා මඩමක් අත්අඩංගුවට ...

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් 6 දෙනෙකු ඇතුළු පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වැටලීම සිදුකළ බවයි.

එහි සිටි අවුරුදු 22, 24, 25, 26, 30 සහ 36 යන වයස්වල පසුවන කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් කෝට්ටේ, හංවැල්ල, ලුණුගම්වෙහෙර, මට්ටක්කුලිය, මීරිගම, දෙහිගහහේන සහ උඩුගම්පොළ යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි.

සැකකාරියන් සහ සැකකරු අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.