Header Ads

දන්සල්වලට බෞද්ධ කොඩිය යොදා ගන්න එපා

වෙසක් සමයේ දන්සල් සඳහා ජනතාව එක්රැස් කිරීමට බෞද්ධ කොඩිය යොදා නොගන්නා ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 
බෞද්ධ කටයුතු කොමාරිස් ජනරාල් නිමල් කොටවෙලගෙදර මහතා පැවසුවේ, ඒ සඳහා කහපැහැති කොඩියක් භාවිත කළ හැකි බවයි.

ඊයෙන් ආරම්භ වූ වෙසක් සතිය තුළ සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔසවා තබන ලෙසත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා පැවසුවේ, ලබන 14 එම දුම්රිය ධාවනය කෙරෙන බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.