Header Ads

ගිං ගඟේ පැතිබැම්මේ කාන්දුව නිසා බද්ධෙගම නගරය අවධානමේ.


ගාල්ල බද්ධෙගම නගරයට මේ වන විට අවධානම් තත්වයක් උද්ගතවී ඇත.ඒ ගිංගඟ පිටාරගැලිම වැලැක්වීම සදහා ඉදිකළ බැම්ම තුලින් ඊයේ ඇතිවූ කාන්දුව අද වන විට විශාල වී තිබෙන නිසාය.මේ හේතුවෙන් ගින්ගගේ ජල කාදුවිම මේ වන විට අඩි එකහාමාරක් පමණ ප්‍රමාණයක් ජල මට්ටම ඉහල ගොස් ඇත.

මේ හේතුවෙන් ජලය කාන්දුව මේ වන විට වැඩිවී ඇති නිසා බද්ධෙගම නගරයට දැඩි අවධානමක් මේ වන විට ඇතිවී ඇත.

ඊයේ සිට නාවික හමුදාවේ බට පිරිස් වැලිකොට්ට අසුරමින් අවධානම අවම කිරීමට මහත් වෙහෙසක් ගන්නා අතර මේ වන තෙක් තත්වය පාලනය කිරීමට නොහැකිවී ඇත.මේ ස්ථානය නැරබීමට ප්‍රදේශයේ පිරිස් පැමිණෙන අතර එය මේ වැඩකටයුතු සදහා මහත් භාදාවක් වී ඇත,ඒ වාගේම මේ බැම්ම බිදී යාමේ අවධානමක් පවතින නිසා මේ ප්‍රදේශයට පැමිණීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින බව ඔවුන් අප වෙත පැවසිය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.