Header Ads

පෙම්වතා වෙනුවෙන් රජ සැප අත්හල කුමරිය

ජපන් රාජ කුමාරියක සාමාන්‍ය වැසියෙකු විවාහ කර ගැනීම සඳහා සිය රාජකීයත්වය අතහැරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

අකිහිතෝ අධිරාජ්‍යයාගේ පළමු මිනිබිරිය වන මාකෝ කුමරිය විවාහ ගිවිස ගැනීමට නියමිතව ඇත්තේ නීති සමාගමක සේවය කරන කෙයි කොමුරෝ සමඟය.

විසිපස් හැවිරිදි වියේ පසුවන දෙදෙනා, ටෝකියෝ නුවර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියදී දෙදෙනා මුලින්ම හමුවී ඇත්තේ 2012 වසරේදී ය. 

ජපානයේ රාජකීය නීතියට අනුව රාජ කුමාරියක විසින් සාමාන්‍ය පුද්ගලයෙකු විවාහ ගිවිස ගනු ලබන්නේ නම් ඇය රජ පවුලෙන් ඉවත්වීම අනිවාර්ය වනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.