Header Ads

ආරක්ෂාව වෙනුවෙන් කොළඹට බහින සුපිරි බඩු මෙන්න.


කොළඹ නගරයේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කැමරා පද්ධතියක් සහිත නවීන තාක්ෂණයෙන් සපිරි පොලිස් ජංගම රථ ඊයේ (01) දිනයේ සේවයට යෙදවීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙයි.

දැනට කොළඹ නගරයේ සවිකර ඇති කැමරා පද්ධතිවලට අමතරව මේ කැමරා පද්ධතිය සහිත ජංගම රථය සේවයට යොදවන අතර එම කැමරා පද්ධතියෙන් ලැබෙන තොරතුරු විමර්ශනය කර අදාළ ස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සැපැයීමට යොමු කරවන බවද වාර්තා වෙයි.

මැයි පෙළපාළිවලට සහභාගි වීම සඳහා විශාල පිරිසක් අද දිනයේ කොළඹ නගරයට පැමිණෙන බැවින් මේ ආරක්ෂක ක්‍රියාමාර්ගය ගෙන තිබෙන අතර මහනුවර නගරයේ ආරක්ෂාව සඳහා මෙවැනි කැමරා පද්ධතියක සහාය ලබා ගැනීමට අවධානය යොමු කර ඇති බවද වාර්තා වෙයි.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.