Header Ads

පාලම කඩා ගංවතුර පාලනය කරන්න ඇමති වජිරගෙන් නියෝගයක්…


බද්දේගම පරණ පාලම කඩා ගංවතුර පාලනය කිරීමට පියවර ගන්නැයි ඇමති වජිර අබේවර්ධන මහතා අද (28) නාවික හමුදාවට උපදෙස් දී තිබේ.බද්දේගම නගරය ජලයෙන් ආරක්ෂා වන පැති බැම්මේ එක් කෙලවරකින් ජලය කාන්දුවීමේ ස්ථාන නැරඹීම’සඳහා පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.

මෙමෙ පාලම 1929 දී ඉදිකර ඇති අතර එම ස්ථානයෙන් ජලය බැසයමේදී අවහිරතා සිදුවන බවට වාරිමාර්ග නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාව පවසන්නේ ගමනාගමනයට තිබෙන පාලම් කඩා ඉවත් කර ගංවතුර පාලනය කිරීම සුදුසු කටයුත්තක් නොවන බවයි.

තවමත් ගිං ගඟේ ජාල මට්ටම බද්දේගම ප්‍රදේශයේ ඉහල යමින් පවතින බව වාර්තා වනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.